ගණන් 35:29-34
ගණන් 35:29-34 SCV
“ ‘ඔබ කොතැනක වෙසෙතත්, මතු පරම්පරා මුළුල්ලෙහි ම මේවා ඔබට නීතිමය නියමයන් විය යුතු ය. “ ‘යමකු මරා දැමූ කෙනකු, මිනී මරුවකු වශයෙන් මරණයට පත් කළ හැක්කේ, සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මත පමණි. එහෙත් එක් සාක්ෂිකරුවකුගේ සාක්ෂිය මත පමණක් කිසිවකු හෝ මරණයට පත් කළ යුතු නැත. “ ‘මරණීය දණ්ඩනයට නියමවූවකුගේ ජීවිතය ඉන් මිදීම සඳහා වන්දියක් බාර නො ගන්න. ඔහු මරණයට පත් කළ යුතු ම ය. “ ‘අභය නගරයක් වෙත පලා ගිය කිසිවකුටත්, උත්තම පූජකයාගේ මරණයට කලින් ආපසු පැමිණ, තම ඉඩකඩම්හි වාසය කිරීමට ඉඩ සැලසෙන සේ, වන්දියක් බාරගැනීම නො කරන්න. “ ‘ඔබ වෙසෙන දේශය දූෂ්‍ය නො කරන්න. ලේ හැලීමෙන් දේශය දූෂ්‍ය වේ. අනෙකකුගේ ලේ හැලූ පුද්ගලයාගේ ම ලෙයින් මිස, ලේ හැලුණු බිමේ ශෝධනය සඳහා පාප වන්දි නිවාරණයක් ඉටු කළ නො හැක. ඔබ වෙසෙන, මා ද වෙසෙන දේශය දූෂ්‍ය නො කරන්න. මන්ද ස්වාමින්වහන්සේ වන මම ඉශ්‍රායෙල්වරුන් අතරේ වාසය කරන්නෙමි’ යි” පැවසූ සේක.

