ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මෙම ආඥාව දෙමින් ඉශ්‍රායෙල් ජනයා අමතා, ‘මට ප්‍රසන්න සුවඳක් වශයෙන්, ගින්නෙන් දවා පුදන මගේ පූජා සඳහා වන ආහාර, නියමිත කාලයේදී මට පිළිගන්වන්නට වග බලා ගන්නැ’ යි කියන්න. ඔවුනට මෙසේ කියන්න: ‘ගින්නෙන් දවා, ස්වාමින්වහන්සේට ඔබ පිදිය යුතු පූජාව නම්, දිනපතා නිරන්තර දවන යාග පූජාවක් වශයෙන් වූ එක් අවුරුදු නො කැළැල් බැටළු පැටවුන් දෙදෙනෙකි. ඉන් එකකු උදයේ ද අනෙකා සවස ද පූජා කළ යුත්තේ, හිනකින් හතරෙන් එකක් කොටා-සිඳගත් ඔලීව තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒෆාවකින් දසයෙන් කොටසක ධාන්‍ය පූජාවක් ද සමඟිනි. ගින්නෙන් දවා, ස්වාමින්වහන්සේට පුදන ප්‍රසන්න සුවඳක් වශයෙන් සීනයි කන්දේදී ස්ථාපිත නිරන්තර දවන යාග පූජාව එයයි. ඒ සමඟ පිදෙන පාන පූජාව එක් එක් බැටළු පැටවා සඳහා හිනකින් හතරෙන් එකකි. ස්වාමින්වහන්සේට සැර මිදි යුෂ පාන පූජාව, ශුද්ධස්ථානයෙහි වගුරු වන්න. අනෙක් බැටළු පැටවා ද සවස සූදානම් කොට, උදෑසන පිළියෙල කළ ආකාරයේ ම ධාන්‍ය පූජාවක් හා පාන පූජාවක් සමඟ ඔප්පු කරන්න. එය ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් ලෙස ගින්නෙන් යාග කරන පූජාවකි. “ ‘සබත් දවසේ එක් අවුරුදු නො කැළැල් බැටළු පැටවුන් දෙදෙනකු සමඟ එහි පාන පූජාව ද තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් දෙකොටසක ධාන්‍ය පූජාවක් ද ඔප්පු කරන්න. නිරන්තර දවන යාග පූජාවට හා එහි පාන පූජාවට අමතරව සෑම සබතක් සඳහා ම වූ දවන යාග පූජාව මෙයයි. “ ‘හැම මසක ම මුල් දිනයේ ගව වස්සන් දෙදෙනකු ද බැටළුවකු ද එක් අවුරුදු නො කැළැල් බැටළු පැටවුන් හත්දෙනකු ද යන වශයෙන් ස්වාමින්වහන්සේට දවන යාග පූජාවක් පිළිගන්වන්න. එක් එක් ගවයා සමඟ තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් තුන් කොටසක ධාන්‍ය පූජාවක් ද බැටළුවා සමඟ තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් දෙකොටසක ධාන්‍ය පූජාවක් ද එක් එක් බැටළු පැටවා සමඟ තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් එක් කොටසක ධාන්‍ය පූජාවක් ද ඔප්පු කළ යුතු ය. එය ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් ලෙස ගින්නෙන් යාග කරන ලද දවන යාග පූජාව සඳහා ය. පාන පූජාව, එක් ගවයකු සමඟ මිදි යුෂ හිනකින් භාගයකි. බැටළුවකු සමඟ මිදි යුෂ හිනකින් තුනෙන් එකකි. බැටළු පැටවකු සමඟ මිදි යුෂ හිනකින් හතරෙන් එකකි. අවුරුද්දේ එක් එක් නව සඳ උදාවේදී, මාස් පතා පිදිය යුතු දවන යාග පූජාව මෙයයි. අදාළ පාන පූජාව සමඟ වන නිරන්තර දවන යාග පූජාවට අමතරව, එළුවකු ද පාප පූජාවක් වශයෙන් ස්වාමින්වහන්සේට පිළිගැන්විය යුතු ය. “ ‘පළමු මස දහහතර වන දින ස්වාමින්වහන්සේගේ පාස්කුව පැවැත් විය යුතු ය. එම මස පහළොස් වන දින මංගල්‍යයක් පැවැත් විය යුතු ය. මුහුන් නුමුසු රොටි, හත් දවසක් අනුභව කළ යුතු ය. පළමු දවසේ ශුද්ධ එකමුතුවක් පවත්වන්න; සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. ගවයින් දෙදෙනකුගෙන් ද බැටළුවකුගෙන් හා එක් අවුරුදු නො කැළැල් බැටළු පැටවුන් හත් දෙනකුගෙන් ද යුත් ගිනි පූජාවක් ලෙස යාග පූජාවක් ස්වාමින්වහන්සේට පූජා කරන්න. ඒ සමඟ පිළියෙල කළ යුතු ධාන්‍ය පූජාව, එක් එක් ගවයා සමඟ තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් තුන් කොටසකි. බැටළුවා සමඟ ඒෆාවකින් දහයෙන් දෙකොටසකි. බැටළු පැටවුන්ගෙන් එක් එක් පැටවා සමඟ ඒෆාවකින් දහයෙන් එක් කොටසකි. ඔබ උදෙසා පාප වන්දි නිවාරණය සඳහා පාප පූජාවක් වශයෙන් එළුවකු ද පූජා කරන්න. මේවා පිළියෙල කළ යුත්තේ උදෑසන නිරන්තර දවන යාග පූජාවට අමතරව ය. මේ අයුරින්, දිනපතා ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් කොට, ගින්නෙන් යාග කරන ආහාර පූජාවේ ආහාරය, හත් දවසක් පිළිගන්වන්න. මේවා පිළිගැන්විය යුත්තේ, නිරන්තර දවන යාග පූජාවට හා එහි පාන පූජාවට අමතරව ය. හත් වන දවසේ ශුද්ධ එක් රැස්වීමක් පවත්වන්න. සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. “ ‘සති මංගල්‍යයේදී ඔබ, ස්වාමින්වහන්සේට අලුත් ධාන්‍ය ඔප්පු කරන ප්‍රථම පල දවසේ ශුද්ධ එක් රැස්වීමක් පවත්වන්න. සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් කොට, ගවයින් දෙදෙනකුගෙන් ද එක් බැටළුවකු සහ එක් අවුරුදු බැටළු පැටවුන් හත් දෙනකුගෙන් ද යුතු දවන යාග පූජාවක් පිළිගන්වන්න. එක් එක් ගවයා සමඟ ඔප්පු කළ යුතු ධාන්‍ය පූජාව නම්, තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් තුන් කොටසක් ද බැටළුවා සමඟ පිටි ඒෆාවකින් දහයෙන් දෙකොටසක් ද එක් එක් බැටළු පැටවා සමඟ පිටි ඒෆාවකින් දහයෙන් කොටසක් ද යන වශයෙනි. ඔබ උදෙසා පාප වන්දි නිවාරණය සඳහා පාප පූජාවක් වශයෙන්, එළුවකු ද පූජා කරන්න. අදාළ ධාන්‍ය පූජාව හා සමඟ නිරන්තර දවන යාග පූජාවට එම පූජා පිළිගැන්විය යුත්තේ, ඒවායේ පාන පූජා ද සමඟිනි. උන් නිකළැල් සතුන් වන බවට වග බලා ගන්න.
ගණන් 28 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් 28:1-31
12 Days
To discover the truths from a book like Numbers, which we tend to skip, this reading plan teaches us to have a devotion while also having a systematic study, in spite of the not so exciting chapters.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ