ගණන් කථාව 28:1-31
ගණන් කථාව 28:1-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මෙම ආඥාව දෙමින් ඉශ්‍රායෙල් ජනයා අමතා, ‘මට ප්‍රසන්න සුවඳක් වශයෙන්, ගින්නෙන් දවා පුදන මගේ පූජා සඳහා වන ආහාර, නියමිත කාලයේදී මට පිළිගන්වන්නට වග බලා ගන්නැ’ යි කියන්න. ඔවුනට මෙසේ කියන්න: ‘ගින්නෙන් දවා, ස්වාමින්වහන්සේට ඔබ පිදිය යුතු පූජාව නම්, දිනපතා නිරන්තර දවන යාග පූජාවක් වශයෙන් වූ එක් අවුරුදු නො කැළැල් බැටළු පැටවුන් දෙදෙනෙකි. ඉන් එකකු උදයේ ද අනෙකා සවස ද පූජා කළ යුත්තේ, හිනකින් හතරෙන් එකක් කොටා-සිඳගත් ඔලීව තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒෆාවකින් දසයෙන් කොටසක ධාන්‍ය පූජාවක් ද සමඟිනි. ගින්නෙන් දවා, ස්වාමින්වහන්සේට පුදන ප්‍රසන්න සුවඳක් වශයෙන් සීනයි කන්දේදී ස්ථාපිත නිරන්තර දවන යාග පූජාව එයයි. ඒ සමඟ පිදෙන පාන පූජාව එක් එක් බැටළු පැටවා සඳහා හිනකින් හතරෙන් එකකි. ස්වාමින්වහන්සේට සැර මිදි යුෂ පාන පූජාව, ශුද්ධස්ථානයෙහි වගුරු වන්න. අනෙක් බැටළු පැටවා ද සවස සූදානම් කොට, උදෑසන පිළියෙල කළ ආකාරයේ ම ධාන්‍ය පූජාවක් හා පාන පූජාවක් සමඟ ඔප්පු කරන්න. එය ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් ලෙස ගින්නෙන් යාග කරන පූජාවකි. “ ‘සබත් දවසේ එක් අවුරුදු නො කැළැල් බැටළු පැටවුන් දෙදෙනකු සමඟ එහි පාන පූජාව ද තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් දෙකොටසක ධාන්‍ය පූජාවක් ද ඔප්පු කරන්න. නිරන්තර දවන යාග පූජාවට හා එහි පාන පූජාවට අමතරව සෑම සබතක් සඳහා ම වූ දවන යාග පූජාව මෙයයි. “ ‘හැම මසක ම මුල් දිනයේ ගව වස්සන් දෙදෙනකු ද බැටළුවකු ද එක් අවුරුදු නො කැළැල් බැටළු පැටවුන් හත්දෙනකු ද යන වශයෙන් ස්වාමින්වහන්සේට දවන යාග පූජාවක් පිළිගන්වන්න. එක් එක් ගවයා සමඟ තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් තුන් කොටසක ධාන්‍ය පූජාවක් ද බැටළුවා සමඟ තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් දෙකොටසක ධාන්‍ය පූජාවක් ද එක් එක් බැටළු පැටවා සමඟ තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් එක් කොටසක ධාන්‍ය පූජාවක් ද ඔප්පු කළ යුතු ය. එය ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් ලෙස ගින්නෙන් යාග කරන ලද දවන යාග පූජාව සඳහා ය. පාන පූජාව, එක් ගවයකු සමඟ මිදි යුෂ හිනකින් භාගයකි. බැටළුවකු සමඟ මිදි යුෂ හිනකින් තුනෙන් එකකි. බැටළු පැටවකු සමඟ මිදි යුෂ හිනකින් හතරෙන් එකකි. අවුරුද්දේ එක් එක් නව සඳ උදාවේදී, මාස් පතා පිදිය යුතු දවන යාග පූජාව මෙයයි. අදාළ පාන පූජාව සමඟ වන නිරන්තර දවන යාග පූජාවට අමතරව, එළුවකු ද පාප පූජාවක් වශයෙන් ස්වාමින්වහන්සේට පිළිගැන්විය යුතු ය. “ ‘පළමු මස දහහතර වන දින ස්වාමින්වහන්සේගේ පාස්කුව පැවැත් විය යුතු ය. එම මස පහළොස් වන දින මංගල්‍යයක් පැවැත් විය යුතු ය. මුහුන් නුමුසු රොටි, හත් දවසක් අනුභව කළ යුතු ය. පළමු දවසේ ශුද්ධ එකමුතුවක් පවත්වන්න; සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. ගවයින් දෙදෙනකුගෙන් ද බැටළුවකුගෙන් හා එක් අවුරුදු නො කැළැල් බැටළු පැටවුන් හත් දෙනකුගෙන් ද යුත් ගිනි පූජාවක් ලෙස යාග පූජාවක් ස්වාමින්වහන්සේට පූජා කරන්න. ඒ සමඟ පිළියෙල කළ යුතු ධාන්‍ය පූජාව, එක් එක් ගවයා සමඟ තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් තුන් කොටසකි. බැටළුවා සමඟ ඒෆාවකින් දහයෙන් දෙකොටසකි. බැටළු පැටවුන්ගෙන් එක් එක් පැටවා සමඟ ඒෆාවකින් දහයෙන් එක් කොටසකි. ඔබ උදෙසා පාප වන්දි නිවාරණය සඳහා පාප පූජාවක් වශයෙන් එළුවකු ද පූජා කරන්න. මේවා පිළියෙල කළ යුත්තේ උදෑසන නිරන්තර දවන යාග පූජාවට අමතරව ය. මේ අයුරින්, දිනපතා ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් කොට, ගින්නෙන් යාග කරන ආහාර පූජාවේ ආහාරය, හත් දවසක් පිළිගන්වන්න. මේවා පිළිගැන්විය යුත්තේ, නිරන්තර දවන යාග පූජාවට හා එහි පාන පූජාවට අමතරව ය. හත් වන දවසේ ශුද්ධ එක් රැස්වීමක් පවත්වන්න. සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. “ ‘සති මංගල්‍යයේදී ඔබ, ස්වාමින්වහන්සේට අලුත් ධාන්‍ය ඔප්පු කරන ප්‍රථම පල දවසේ ශුද්ධ එක් රැස්වීමක් පවත්වන්න. සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් කොට, ගවයින් දෙදෙනකුගෙන් ද එක් බැටළුවකු සහ එක් අවුරුදු බැටළු පැටවුන් හත් දෙනකුගෙන් ද යුතු දවන යාග පූජාවක් පිළිගන්වන්න. එක් එක් ගවයා සමඟ ඔප්පු කළ යුතු ධාන්‍ය පූජාව නම්, තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් තුන් කොටසක් ද බැටළුවා සමඟ පිටි ඒෆාවකින් දහයෙන් දෙකොටසක් ද එක් එක් බැටළු පැටවා සමඟ පිටි ඒෆාවකින් දහයෙන් කොටසක් ද යන වශයෙනි. ඔබ උදෙසා පාප වන්දි නිවාරණය සඳහා පාප පූජාවක් වශයෙන්, එළුවකු ද පූජා කරන්න. අදාළ ධාන්‍ය පූජාව හා සමඟ නිරන්තර දවන යාග පූජාවට එම පූජා පිළිගැන්විය යුත්තේ, ඒවායේ පාන පූජා ද සමඟිනි. උන් නිකළැල් සතුන් වන බවට වග බලා ගන්න.
ගණන් කථාව 28:1-31 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක: නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරමින්, මාගේ පූජාව එනම් මිහිරි සුවඳක් ඇති ගින්නෙන් කළ යුතු මාගේ පූජා පිණිස මාගේ භෝජන ඒවායේ නියම කාලවලදී මට ඔප්පුකරන්ට බලාගන්නැයි ඔවුන්ට කියන්න. නුඹ ඔවුන්ට මෙසේ කියන්න–නුඹලා ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්නාවූ ගිනි පූජාව නම් නිරන්තර දවන පූජාවක් පිණිස දවස්පතාම කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවුන් දෙදෙනෙක්ය. එක බැටළුපැටවෙකු උදය පූජාකරන්න; අනික් බැටළුපැටවා සවස පූජාකරන්න; ආහාර පූජාවකට කොටා සිඳගත් තෙල් හිනකින් සතරෙන් කොටසක් සමඟ මිශ්‍රකළ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ඔප්පුකරන්න. එය ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් කොට මිහිරි සුවඳක් පිණිස සීනයි කන්දේදී නියමකළාවූ නිරන්තර දවන පූජාවක්ය. ඒකේ පාන පූජාව එක එක බැටළුපැටවාට හිනකින් සතරෙන් කොටසක්ය. ස්වාමීන්වහන්සේට පාන පූජාවක් පිණිස ශුද්ධස්ථානයෙහි මද්‍යපානය වත්කරන්න. අනික් බැටළු පැටවා සවස පූජාකරන්න. උදය ආහාර පූජාව මෙන්ද ඒකේ පාන පූජාව මෙන්ද ඒක ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට ඔප්පුකරන්න. සබත් දවසේදී කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවුන් දෙදෙනෙකුද ආහාර පූජාවකට තෙල් මිශ්‍ර සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙකොටසක්ද ඒකේ පාන පූජාවද ඔප්පුකරන්න. මෙය වනාහි නිරන්තර දවන පූජාව සහ ඒකේ පාන පූජාවද ඇර එක එක සබත් දවසේදී ඔප්පුකරන දවන පූජාවය. නුඹලාගේ මාසාරම්භවලදී ස්වාමීන්වහන්සේට දවන පූජාවක් ඔප්පුකරන්න; එනම් ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරන පූජාවක් වන මිහිරි සුවඳ ඇති දවන පූජාවක් පිණිස කැලල් නැති තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද, එක එක ගොනාට ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍ර සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට ආහාර පූජාවක් කොට තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් දසයෙන් දෙකොටසක්ද, එක එක බැටළුපැටවාට ආහාර පූජාවක් කොට තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් දසයෙන් කොටසක්ද ඔප්පුකරන්න. උන්ගේ පාන පූජා නම් ගොනෙකුට මුද්‍රිකපාන හිනකින් දෙකෙන් කොටසක්ද එක එක බැටළුවාට හිනකින් තුනෙන් කොටසක්ද එක එක බැටළු පැටවාට හිනකින් සතරෙන් කොටසක්ද වන්නේය. මෙය අවුරුද්දේ මාසවලින් එක එක මාසයේ දවන පූජාවය. නිරන්තර දවන පූජාව ඇර ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස එළුවෙක්ද උගේ පාන පූජාවද ඔප්පුකරනු ලබන්නේය. පළමුවෙනි මස දසසතරවෙනි දින ස්වාමීන්වහන්සේගේ පාස්කුවය. ඒ මාසයේ පසළොස්වෙනි දින මංගල්‍ය දවසක්ය. සත් දවසක් මුහුන් නොදැමූ රොටි කෑ යුතුය. පළමුවෙනි දවසේ ශුද්ධ රැස්වීමක් වන්නේය; කිසි බර වැඩක් නොකරන්න. තවද ස්වාමීන්වහන්සේට දවන පූජාවක් වන ගිනි පූජාවක් කොට කැලල් නැති තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද රැගෙන ඔප්පුකරන්න. උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද, බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද බැගින් ඔප්පුකරන්න; නුඹලා උදෙසා සමඟිකමක් කරන පිණිස පාප පූජාවකට එක එළුවෙකුත් පූජාකරන්න. නිරන්තර දවන පූජාවක් වන උදයේ දවන පූජාව ඇර මේවාත් ඔප්පුකරන්න. එලෙස සත් දවසක් එක එක දවසට ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවේ ආහාරය ඔප්පුකරන්න. නිරන්තර දවන පූජාව ඇර ඒකත් ඒකේ පාන පූජාවත් ඔප්පුකරනු ලබන්නේය. සත්වෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වන්න; බර වැඩක් නොකරන්න. තවද නුඹලාගේ සති මංගල්‍යයේදී නුඹලා ස්වාමීන්වහන්සේට අලුත් ආහාර පූජාවක් ඔප්පුකරන ප්‍රථම ඵල දවසේදීත් ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න. එහෙත් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස දවන පූජාවකට තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද, උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන්කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද, බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද, නුඹලා උදෙසා සමඟිකමක් කරන පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න. නිරන්තර දවන පූජාව සහ ඒකේ පාන පූජාවද ඇර උන්ද උන්ගේ පාන පූජාවල්ද ඔප්පුකරන්න. උන් කැලල් නැති සත්තු විය යුතුය.
ගණන් කථාව 28:1-31 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයාට මෙසේ අණ කරන්න: ‘සුමිහිරි සුවඳක් මෙන් මට ප්‍රසන්න, ගින්නෙන් දවා මට පුදන ආහාර පඬුරු නියමිත කාලයේ දී ඔප්පු කළ යුතු ය.’ ” “නුඹ ඔවුන්ට මෙය කිව යුතු ය: ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර නම්, අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකි. මෙය දිනපතා ම දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. එක බැටළු පැටවකු උදය ද, අනිකා සවස ද ඔප්පු කළ යුතු ය. සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙන, ඊට ඉස්තරම් තෙල් ලීටර් එකක් මිශ්‍ර කර එක එක බැටළු පැටවා සමඟ ඔප්පු කළ යුතු වේ. මෙය වනාහි සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේට ප්‍රසන්න, ගින්නෙන් දවා සීනයි කන්දේ දී පිදීමට නියම, සදහට ම වලංගු, දවන යාග පූජාවකි. ඒ බැටළු පැටවා සමඟ පානීය පූජාව වශයෙන්, ශුද්ධස්ථානය තුළ සමිඳාණන් වහන්සේගේ මහිමය සඳහා, සැර මිදියුස ලීටර් එකක් වත් කොට පිදිය යුතු ය. අනික් බැටළු පැටවා සවස ඔප්පු කළ යුතු ය. උදය පිදූ ධාන්‍ය පූජාව සහ පානීය පූජාව පරිදි සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන්, එය ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.” “අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකු ද, ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකකට තෙල් මිශ්‍ර කර එය ද, පානීය පූජාව ද, සබත් දින ඔප්පු කළ යුතු ය. නිරන්තර දවන යාග පූජාව සහ ඊට අදාළ පානීය පූජාවට අමතර ව, ඒ ඒ සබත් දින පුද කළ යුතු දවන යාග පූජාව මෙය වේ.” “මාසය ආරම්භයේ දී නුඹලා සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ඔප්පු කළ යුතු වේ. එය නම්, ගොන් වස්සන් දෙදෙනෙක් ද, බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති. එක එක ගොන් වස්සෙකු සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් සමඟ තෙල් මිශ්‍ර කර, එක එක බැටළු වස්සා සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකකට තෙල් මිශ්‍ර කර, එක එක බැටළු පැටවා සමඟ සිහින් පිටි කිලෝග්‍රෑම් එකකට තෙල් මිශ්‍ර කර, ඒවා ද ඔප්පු කළ යුතු ය. මේවා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින ගින්නෙන් දවා උන් වහන්සේට පිදූ දවන යාග පූජාවකි. පිදිය යුතු පානීය පූජාව නම් එක එක ගොන් වස්සෙකු සමඟ මිදියුස ලීටර් දෙකකි, බැටළු වස්සා සමඟ මිදියුස ලීටර් එකහමාරකි, එක එක බැටළු පැටියා සමඟ මිදියුස ලීටර් එකකි. අවුරුද්දේ සෑම මාසයක ම මේ දවන යාග පූජාව පිදිය යුතු ය. මේ නිරන්තර දවන යාග පූජාව සහ පානීය පූජාවට අමතර ව, පාප පූජාවක් වශයෙන් එළුවෙකු ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය.” “පළමු වන මාසයේ දහහතර වන දින සමිඳාණන් වහන්සේගේ පාස්කුව ය. ඒ මාසයේ පසළොස් වන දින මංගල්‍ය පටන්ගනු ලැබේ. දින හතක් ම නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. පළමු වන දින ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු ය. නුඹලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා දවන යාග පූජාවක් පිදිය යුතු ය. එය නම්, කැළැල් නැති ගොන් වස්සන් දෙන්නෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති. ධාන්‍ය පූජාව වශයෙන් තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ද පිදිය යුතු ය. ගොන් වස්සෙකු සඳහා සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද බැටළු වස්සෙකු සඳහා පිටි කිලෝග්‍රෑම් දෙකක් ද, එක එක බැටළු පැටියෙකු සඳහා පිටි කිලෝග්‍රෑම් එකක් ද, ඔප්පු කළ යුතු ය. නුඹලා පව් කමාව ලබාගැනීම සඳහා, පාප පූජාවක් වශයෙන් එක එළුවෙකු ඔප්පු කළ යුතු ය. සෑම දින ම උදය පුදන දවන යාග පූජාවට අමතර ව, නුඹලා මේවා පිදිය යුතු වේ. මෙලෙස දවස් හතක් තුළ හැම දා ම ඔප්පු කළ යුතු ය. ගින්නෙන් දවා පුදන මේ ධාන්‍ය පූජා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේට ප්‍රසන්න ය. නිරන්තර දවන යාග පූජාවට හා ඊට අදාළ පානීය පූජාවට අමතර ව එය ඔප්පු කළ යුතු ය. හත් වන දින නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ.” “සති මංගල්‍යයේ දී, අස්වැන්න මංගල්‍යයේ පළමු වන දින නුඹලා සමිඳාණන් වහන්සේට අලුත් ධාන්‍ය පූජාව ඔප්පු කරන විට නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ. එහෙත්, එදින සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාව ඔප්පු කළ යුතු ය. එය නම් ගොන් වස්සන් දෙන්නෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති. මේවා සමඟ පිදිය යුතු තෙල් ඇනූ ධාන්‍ය පූජා නම්, එක එක ගොන් වස්සෙකු සමඟ සිහින් පිටි කිලෝග්‍රෑම් තුනකි, එක බැටළු වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද වේ. නුඹලාට පව් කමාව ලබාගැනීම සඳහා එක එළුවෙකු ද පිදිය යුතු ය. නිරන්තර දවන යාග පූජාවට ද කැළැල් නැති සතුන් විය යුතු ය. පුදන ධාන්‍ය පූජාවට අමතර ව පානීය පූජාව ද ඉහත කී පූජා ද ඔප්පු කළ යුතු ය.
ගණන් කථාව 28:1-31 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයාට මෙසේ අණ කරන්න: ‘සුමිහිරි සුවඳක් මෙන් මට ප්‍රසන්න, ගින්නෙන් දවා මට පුදන ආහාර පඬුරු නියමිත කාලයේ දී ඔප්පු කළ යුතු ය.’ ” “නුඹ ඔවුන්ට මෙය කිව යුතු ය: ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර නම්, අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකි. මෙය දිනපතා ම දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. එක බැටළු පැටවකු උදය ද, අනිකා සවස ද ඔප්පු කළ යුතු ය. සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙන, ඊට ඉස්තරම් තෙල් ලීටර් එකක් මිශ්‍ර කර එක එක බැටළු පැටවා සමඟ ඔප්පු කළ යුතු වේ. මෙය වනාහි සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේට ප්‍රසන්න, ගින්නෙන් දවා සීනයි කන්දේ දී පිදීමට නියම, සදහට ම වලංගු, දවන යාග පූජාවකි. ඒ බැටළු පැටවා සමඟ පානීය පූජාව වශයෙන්, ශුද්ධස්ථානය තුළ සමිඳාණන් වහන්සේගේ මහිමය සඳහා, සැර මිදියුස ලීටර් එකක් වත් කොට පිදිය යුතු ය. අනික් බැටළු පැටවා සවස ඔප්පු කළ යුතු ය. උදය පිදූ ධාන්‍ය පූජාව සහ පානීය පූජාව පරිදි සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන්, එය ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.” “අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකු ද, ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකකට තෙල් මිශ්‍ර කර එය ද, පානීය පූජාව ද, සබත් දින ඔප්පු කළ යුතු ය. නිරන්තර දවන යාග පූජාව සහ ඊට අදාළ පානීය පූජාවට අමතර ව, ඒ ඒ සබත් දින පුද කළ යුතු දවන යාග පූජාව මෙය වේ.” “මාසය ආරම්භයේ දී නුඹලා සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ඔප්පු කළ යුතු වේ. එය නම්, ගොන් වස්සන් දෙදෙනෙක් ද, බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති. එක එක ගොන් වස්සෙකු සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් සමඟ තෙල් මිශ්‍ර කර, එක එක බැටළු වස්සා සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකකට තෙල් මිශ්‍ර කර, එක එක බැටළු පැටවා සමඟ සිහින් පිටි කිලෝග්‍රෑම් එකකට තෙල් මිශ්‍ර කර, ඒවා ද ඔප්පු කළ යුතු ය. මේවා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින ගින්නෙන් දවා උන් වහන්සේට පිදූ දවන යාග පූජාවකි. පිදිය යුතු පානීය පූජාව නම් එක එක ගොන් වස්සෙකු සමඟ මිදියුස ලීටර් දෙකකි, බැටළු වස්සා සමඟ මිදියුස ලීටර් එකහමාරකි, එක එක බැටළු පැටියා සමඟ මිදියුස ලීටර් එකකි. අවුරුද්දේ සෑම මාසයක ම මේ දවන යාග පූජාව පිදිය යුතු ය. මේ නිරන්තර දවන යාග පූජාව සහ පානීය පූජාවට අමතර ව, පාප පූජාවක් වශයෙන් එළුවෙකු ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය.” “පළමු වන මාසයේ දහහතර වන දින සමිඳාණන් වහන්සේගේ පාස්කුව ය. ඒ මාසයේ පසළොස් වන දින මංගල්‍ය පටන්ගනු ලැබේ. දින හතක් ම නුමුහුන් පූප අනුභව කළ යුතු ය. පළමු වන දින ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු ය. නුඹලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා දවන යාග පූජාවක් පිදිය යුතු ය. එය නම්, කැළැල් නැති ගොන් වස්සන් දෙන්නෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති. ධාන්‍ය පූජාව වශයෙන් තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ද පිදිය යුතු ය. ගොන් වස්සෙකු සඳහා සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද බැටළු වස්සෙකු සඳහා පිටි කිලෝග්‍රෑම් දෙකක් ද, එක එක බැටළු පැටියෙකු සඳහා පිටි කිලෝග්‍රෑම් එකක් ද, ඔප්පු කළ යුතු ය. නුඹලා පව් කමාව ලබාගැනීම සඳහා, පාප පූජාවක් වශයෙන් එක එළුවෙකු ඔප්පු කළ යුතු ය. සෑම දින ම උදය පුදන දවන යාග පූජාවට අමතර ව, නුඹලා මේවා පිදිය යුතු වේ. මෙලෙස දවස් හතක් තුළ හැම දා ම ඔප්පු කළ යුතු ය. ගින්නෙන් දවා පුදන මේ ධාන්‍ය පූජා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේට ප්‍රසන්න ය. නිරන්තර දවන යාග පූජාවට හා ඊට අදාළ පානීය පූජාවට අමතර ව එය ඔප්පු කළ යුතු ය. හත් වන දින නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ.” “සති මංගල්‍යයේ දී, අස්වැන්න මංගල්‍යයේ පළමු වන දින නුඹලා සමිඳාණන් වහන්සේට අලුත් ධාන්‍ය පූජාව ඔප්පු කරන විට නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ. එහෙත්, එදින සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාව ඔප්පු කළ යුතු ය. එය නම් ගොන් වස්සන් දෙන්නෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති. මේවා සමඟ පිදිය යුතු තෙල් ඇනූ ධාන්‍ය පූජා නම්, එක එක ගොන් වස්සෙකු සමඟ සිහින් පිටි කිලෝග්‍රෑම් තුනකි, එක බැටළු වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද වේ. නුඹලාට පව් කමාව ලබාගැනීම සඳහා එක එළුවෙකු ද පිදිය යුතු ය. නිරන්තර දවන යාග පූජාවට ද කැළැල් නැති සතුන් විය යුතු ය. පුදන ධාන්‍ය පූජාවට අමතර ව පානීය පූජාව ද ඉහත කී පූජා ද ඔප්පු කළ යුතු ය.
ගණන් කථාව 28:1-31 New International Version (NIV)
The LORD said to Moses, “Give this command to the Israelites and say to them: ‘Make sure that you present to me at the appointed time my food offerings, as an aroma pleasing to me.’ Say to them: ‘This is the food offering you are to present to the LORD: two lambs a year old without defect, as a regular burnt offering each day. Offer one lamb in the morning and the other at twilight, together with a grain offering of a tenth of an ephah of the finest flour mixed with a quarter of a hin of oil from pressed olives. This is the regular burnt offering instituted at Mount Sinai as a pleasing aroma, a food offering presented to the LORD. The accompanying drink offering is to be a quarter of a hin of fermented drink with each lamb. Pour out the drink offering to the LORD at the sanctuary. Offer the second lamb at twilight, along with the same kind of grain offering and drink offering that you offer in the morning. This is a food offering, an aroma pleasing to the LORD. “ ‘On the Sabbath day, make an offering of two lambs a year old without defect, together with its drink offering and a grain offering of two-tenths of an ephah of the finest flour mixed with olive oil. This is the burnt offering for every Sabbath, in addition to the regular burnt offering and its drink offering. “ ‘On the first of every month, present to the LORD a burnt offering of two young bulls, one ram and seven male lambs a year old, all without defect. With each bull there is to be a grain offering of three-tenths of an ephah of the finest flour mixed with oil; with the ram, a grain offering of two-tenths of an ephah of the finest flour mixed with oil; and with each lamb, a grain offering of a tenth of an ephah of the finest flour mixed with oil. This is for a burnt offering, a pleasing aroma, a food offering presented to the LORD. With each bull there is to be a drink offering of half a hin of wine; with the ram, a third of a hin; and with each lamb, a quarter of a hin. This is the monthly burnt offering to be made at each new moon during the year. Besides the regular burnt offering with its drink offering, one male goat is to be presented to the LORD as a sin offering. “ ‘On the fourteenth day of the first month the LORD’s Passover is to be held. On the fifteenth day of this month there is to be a festival; for seven days eat bread made without yeast. On the first day hold a sacred assembly and do no regular work. Present to the LORD a food offering consisting of a burnt offering of two young bulls, one ram and seven male lambs a year old, all without defect. With each bull offer a grain offering of three-tenths of an ephah of the finest flour mixed with oil; with the ram, two-tenths; and with each of the seven lambs, one-tenth. Include one male goat as a sin offering to make atonement for you. Offer these in addition to the regular morning burnt offering. In this way present the food offering every day for seven days as an aroma pleasing to the LORD; it is to be offered in addition to the regular burnt offering and its drink offering. On the seventh day hold a sacred assembly and do no regular work. “ ‘On the day of firstfruits, when you present to the LORD an offering of new grain during the Festival of Weeks, hold a sacred assembly and do no regular work. Present a burnt offering of two young bulls, one ram and seven male lambs a year old as an aroma pleasing to the LORD. With each bull there is to be a grain offering of three-tenths of an ephah of the finest flour mixed with oil; with the ram, two-tenths; and with each of the seven lambs, one-tenth. Include one male goat to make atonement for you. Offer these together with their drink offerings, in addition to the regular burnt offering and its grain offering. Be sure the animals are without defect.