ගණන් 22:15-22

ගණන් 22:15-22 SCV

එවිට බාලාක්, පළමු අයට වඩා ගරු කටයුතු වූ පළමු වරට වඩා වැඩි ප්‍රභූන් පිරිසක් යැවී ය. බාලාම් වෙත පැමිණි ඔවුහු, “සිප්පෝර්ගේ පුත් බාලාක් මෙසේ කියයි: “මා වෙත ඔබේ පැමිණීම වළක්වන්නට කිසිවකට හෝ ඉඩ නො දෙන්න. මම ඔබ මහත් ගෞරවයට පමුණු වන්නෙමි. ඔබ කියන කවර දේ වුව කරන්නෙමි. එබැවින් එන්න; අවුත්, මා උදෙසා මේ ජනතාව පිට ශාපයක් තබන්නැ” යි ඉල්ලූහ. එහෙත් බාලාම් බාලාක්ගේ සේවකයනට පිළිතුරු දෙමින්, “බාලාක්, ඔහුගේ මාලිගය පිරෙන්නට ම රන් රිදී මට දෙතත්, මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ අණට පටහැනි ව ලොකු දෙයක් හෝ සුළු දෙයක් හෝ කරන්නට මට නුපුළුවන. එබැවින් දැන් අනෙක් අය කළ පරිදි රැය මෙහි ගත කරන්න. ස්වාමින්වහන්සේ මට තව කුමක් කියන සේක් දැයි මම දැන ගන්නෙමි” යි කීවේ ය. ඒ රැයේ දෙවියන්වහන්සේ බාලාම් වෙත පැමිණි සේක්, “මේ මිනිසුන් පැමිණ ඇත්තේ ඔබ කැඳවා යෑමට නම්, ඔවුන් සමඟ යන්න. එහෙත් මා ඔබට කියන දේ පමණක් කරන්නැ” යි කී සේක. උදෑසන පිබිදුණු බාලාම් තම බූරුවා සූදානම් කර, මෝවබ් ප්‍රභූන් සමඟ පිටත් ව ගියේ ය. ඔහුගේ යෑම ගැන, දෙවියන්වහන්සේ බොහෝ සේ උරණ වූ සේක. ස්වාමින්වහන්සේගේ දූතයා, ඔහුට එරෙහිව සිටිමින්, පාරේ සිට ගත්තේ ය. බාලාම් ගියේ තම බූරු දෙන පිටේ ය. ඔහුගේ සේවකයින් දෙදෙනෙක් ද ඔහු සමඟ වූහ.

ගණන් 22:15-22 සඳහා වීඩියෝව