ගණන් 11:21-23

ගණන් 11:21-23 SCV

එහෙත්, මෝසෙස් කතා කරමින්, “මා සිටින්නේ හයලක්ෂ පාබළ ජනකායක් සමඟිනි, ‘පුරා මසක් ම මම ඔවුන්ට මස් කන්නට දෙන්නෙමි’ යි ඔබ කියන සේක. මේ එළු, බැටළු, ගව රංචු මැරුවත් එය ඔවුනට ප්‍රමාණවත් වේ ද? නැතහොත් මුහුදේ සියලු මසුන් ඇල්ලුවත් ඔවුනට ප්‍රමාණවත් වේ දැ?” යි ඇසී ය. ස්වාමින්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේගේ බාහු බලය සීමා වෙලා ද? මා ඔබට කී මගේ වචන සැබෑ වේ ද, නො වේ ද කියා දැන් ඔබ දකිනු ඇතැ” යි පැවසූ සේක.