ගණන් 1:1-4
ගණන් 1:1-4 SCV
ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට පැමිණි පසු දෙවන වසරේ, දෙවන මස, පළමු වන දා සීනයි කාන්තාරයේ හමුවීමේ කූඩාරම තුළදී, ස්වාමින්වහන්සේ මෝසෙස්ට මෙසේ පැවසූ සේක: “හැම පිරිමියකු, එක් එක්කෙනා නම් වශයෙන් ලේඛනගත කරමින්, ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, ඉශ්‍රායෙල් ප්‍රජාවේ මුළු ජන සමාජයේ සංගණනයක් ගන්න. හමුදා සේවයේ යෙදිය හැකි, විසි වියැති හා ඊට වැඩි සියලු ඉශ්‍රායෙල් ජාතික පිරිමි, ඔවුන්ගේ සේනාංක වශයෙන් ගණනය කරනු ලැබිය යුත්තේ ඔබත්, ආරොනුත් විසිනි. එක් එක් ගෝත්‍රයේ පියවංශ ප්‍රධානියා වූ කෙනකු ඔබට සහාය විය යුතු ය.

