අප පවුර ඉදිකරන වග සන්බල්ලට් ඇසූ කල, ඔහු කෝපයට පත් ව, දැඩි සේ කුපිත වී, යුදෙව්වරුන්ට ගර්හා කරමින්, තම සහායකයින් හා සමාරි හමුදාව ඉදිරිපිට කතා කොට, “මොනවා ද ඒ බෙලහීන යුදෙව්වන් කරන්නේ? ඔවුන් එය තමන් ම ප්‍රකෘතිමත් කරනවා ද? ඔවුන් යාග පූජා කරනවා ද? ඔවුන් එය එක දවසකින් නිම කරයි ද? පිලිස්සී දැවී ගිය මේ සුන්බුන්වලින් ගඩොල් තනා ගන්නට ඔවුන්ට පුළුවන් දැ?” යි පැවසී ය. ඔහු පසෙකින් සිටි අම්මොනීය ටෝබීයා කතා කරමින්, “හරි, ඔවුන් ඉදිකරන මේකට හිවලෙක් ගොඩ වුණොත්, ඌ ඔවුන්ගේ ගල් බැම්ම කඩා දමනු ඇතැ” යි පැවසී ය. අපට සවන් දුන මැනවි, අහෝ අපගේ දෙවියන්වහන්ස, මන්ද අප අවමානයට පත් වෙලා. ඔවුන්ගේ නින්දා ඔවුන්ගේ හිස් පිටට ම හැරවුව මැනව. වෙනත් රටක වහලුන් බවට පත් වී, කොල්ලකනු ලැබීමට ඔවුන් හසුකර දුන මැනවි. ඔබගේ ඇස් හමුවෙන් ඔවුන්ගේ අපරාධය වසන් නො කළ මැනව; ඔවුන්ගේ පාපය මකා නො දැමුව මැනව. මන්ද ඔවුන් ගොඩ නගන්නන් ඉදිරිපිටදී ඔබ කෝප ගැන් වූ බැවිනි.
නෙහෙමි 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නෙහෙමි 4:1-5
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ