නෙහෙමියා 4:1-5

නෙහෙමියා 4:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අප පවුර ඉදිකරන වග සන්බල්ලට් ඇසූ කල, ඔහු කෝපයට පත් ව, දැඩි සේ කුපිත වී, යුදෙව්වරුන්ට ගර්හා කරමින්, තම සහායකයින් හා සමාරි හමුදාව ඉදිරිපිට කතා කොට, “මොනවා ද ඒ බෙලහීන යුදෙව්වන් කරන්නේ? ඔවුන් එය තමන් ම ප්‍රකෘතිමත් කරනවා ද? ඔවුන් යාග පූජා කරනවා ද? ඔවුන් එය එක දවසකින් නිම කරයි ද? පිලිස්සී දැවී ගිය මේ සුන්බුන්වලින් ගඩොල් තනා ගන්නට ඔවුන්ට පුළුවන් දැ?” යි පැවසී ය. ඔහු පසෙකින් සිටි අම්මොනීය ටෝබීයා කතා කරමින්, “හරි, ඔවුන් ඉදිකරන මේකට හිවලෙක් ගොඩ වුණොත්, ඌ ඔවුන්ගේ ගල් බැම්ම කඩා දමනු ඇතැ” යි පැවසී ය. අපට සවන් දුන මැනවි, අහෝ අපගේ දෙවියන්වහන්ස, මන්ද අප අවමානයට පත් වෙලා. ඔවුන්ගේ නින්දා ඔවුන්ගේ හිස් පිටට ම හැරවුව මැනව. වෙනත් රටක වහලුන් බවට පත් වී, කොල්ලකනු ලැබීමට ඔවුන් හසුකර දුන මැනවි. ඔබගේ ඇස් හමුවෙන් ඔවුන්ගේ අපරාධය වසන් නො කළ මැනව; ඔවුන්ගේ පාපය මකා නො දැමුව මැනව. මන්ද ඔවුන් ගොඩ නගන්නන් ඉදිරිපිටදී ඔබ කෝප ගැන් වූ බැවිනි.

නෙහෙමියා 4:1-5 Sinhala Revised Old Version (SROV)

අප විසින් පවුර සාදන බව සන්බලාට් ඇසූ විට ඔහු කෝපවී, අතිශයින් උදහස්ව, යුදෙව්වරුන්ට නින්දාකරමින්, තමාගේ සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේදී කථාකොට: මේ බෙලහීන යුදෙව්වෝ මක්කරද්ද? මිනිසුන් ඔවුන්ට ඉඩදෙනවා ඇද්ද? ඔවුන් පූජාකරනවා ඇද්ද? දවසකින් තීන්දුකරනවා ඇද්ද? දවා දමන්ට යෙදුණු ගල් නැවත පස් ගොඩවලින් උපදවාගන්නවා ඇද්දැයි කීවේය. ඔහු ළඟ සිටි අම්මොනිය ටෝබියාද කථාකොට: ඔවුන් ගොඩනගන ඒවාත් මොනවාද? හිවෙලක් නැගුණොත් ඌ ඔවුන්ගේ ගල් පවුර කඩාදමනවා ඇතැයි කීවේය. අපේ දෙවියන්වහන්ස, ඇසුව මැනව; මක්නිසාද අපි සුළුකරනු ලබමුව. ඔවුන් කරන නින්දාව ඔවුන්ගේ ඉස පිටට හරවා, වාල්කමේ රටක ඔවුන් කොල්ලකෑමට පාවාදුනමැනව. ඔවුන්ගේ අපරාධය නොවැසුවමැනව, ඔවුන්ගේ පාපයද ඔබ ඉදිරියෙන් නොමැකේවා. මක්නිසාද ගොඩනගන්නන් ඉදිරිපිටදී ඔව්හු ඔබ උදහස්කළෝය.

නෙහෙමියා 4:1-5 Sinhala New Revised Version (NRSV)

අප පවුර සාදන බව සන්බලට් ඇසූ විට, ඔහු කෝප වී, අතිශයින් උදහස් වී ජුදෙව්වරුන්ට නින්දා කෙළේ ය. ඔහු සිය සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේ දී කතා කොට, “මේ බෙලහීන ජුදෙව්වරු කුමක් කරත් ද? මේ ස්ථානය යළි ගොඩනඟන්නට ඔව්හු සිතත් ද? ඔවුන් පූජා කරනු ඇද් ද? දවසකින් වැඩ නිම කරනු ඇද් ද? දවා දැමූ කුණු කන්දරාවලින් ඔවුන් නැවත ගඩොල් සාදාගනු ඇද්දැ”යි කීවේ ය. ඔහු ළඟ සිටි අම්මොනි ජාතික ටෝබියා ද කතා කොට, “ඔවුන් ගොඩනඟන මේ පවුර කුමක් ද? හිවලෙකු එයට නැඟුණොත් ඌ ඔවුන්ගේ ගල් පවුර කඩා දමනු ඇතැ”යි කීවේ ය. මම මෙසේ යාච්ඤා කෙළෙමි: “අපේ දෙවියන් වහන්ස! ඇසුව මැනව. අනේ ඔවුන් අප පහත් කොට සලකන හැටි! ඔවුන් කරන නින්දාව ඔවුන්ගේ හිස පිට කඩා වැටුණාවේ! වහල්කමට වැටෙන රටක කොල්ලයට ඔවුන් පාවා දුන මැනව. ඔවුන්ගේ අපරාධය නොවැසුව මැනව. ඔවුන්ගේ පාපය ඔබ ඉදිරියෙන් නොමැකේ වා! මන්ද, ගොඩනඟන අය ඉදිරිපිට දී ඔවුන් ඔබ උදහස් කර ඇත.”

නෙහෙමියා 4:1-5 Sinhala New Revised Version 2018 (SNRV)