ඉන්පසු මිනිසුන් කිහිප දෙනකු සමඟ මම රැයේ නැගිට්ටෙමි. යෙරුසලම උදෙසා කරන්නට මගේ දෙවියන්වහන්සේ මගේ හදවතේ තැබූ දෑ ගැන කිසිවකුටත් මා කීවේ නැත. මා නැගී ගිය සතා හැරෙන්නට මා සමඟ වෙනත් සතුන් සිටියේ නැත. එම රැයේ මම මිටියාවත් දොරටුව මැදින් සර්ප උල්පත හා කසළ දොරටුව දෙසට ගොස්, බිඳ දමනු ලැබ තිබූ යෙරුසලම් පවුරු හා ගින්නෙන් විනාශ ව තිබූ එහි දොරටුත් පරීක්ෂා කළෙමි. එතැනින් මම උල්පත් දොරටුව ද රජුගේ පොකුණ ද දෙසට ගියෙමි. එහෙත් මා නැගුණ සතාට එතැනින් යන්නට ඉඩ මදි විය. එබැවින් මම රැයේ මිටියාවත හරහා ගොස්, පවුර පරීක්ෂා කළෙමි. පසුව හැරී අවුත්, මිටියාවත් දොරටුව මැදින් ආපසු ආවෙමි. මා කොහේ ගියේ ද කළේ කවරක් ද යන්න නිලධාරීන් දැනගත්තේ නැත. මන්ද ඒ වන තුරු යුදෙව්වරුන්, පූජකයින්, අධිපතීන්, නිලධාරීන් හෝ වැඩ කරන්නට සිටි කිසිවකුට හෝ මා ඒ වග දන්වා තිබුණේ නැත.
නෙහෙමි 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නෙහෙමි 2:12-16
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ