නෙහෙමි 1:1-4

නෙහෙමි 1:1-4 SCV

හකලියාගේ පුත් නෙහෙමියාගේ වචන: එය සිදු වූයේ විසිවන වසරේ, කිස්ලේව් මාසයේ ය. බළකොටු නුවර වූ ෂූෂන්හි මා සිටියදී, මගේ සහෝදරයකු වූ හනානී තවත් මිනිසුන් කීප දෙනකු කැටුව යූදා වෙතින් ආවේ ය. පිටුවහල්කමින් බේරී, ජීවත් ව ඉතිරි ව සිටි යුදෙව්වරුන් ගැනත්, යෙරුසලම ගැනත් මම ඔවුන්ගෙන් ඇසුවෙමි. ඔවුහු මා අමතමින්, “පිටුවහල්කමින් බේරී ඉතිරි ව, ඒ පළාතේ පදිංචි ව සිටින අය ඉන්නේ මහත් කරදරයටත්, නින්දාවටත් පත් වෙලා. යෙරුසලම් පවුර බිඳ දමනු ලැබ, එහි දොරටු ගිනිබත් කරනු ලැබ ඇතැ” යි පැවසූහ. ඒ වචන ඇසූ විට මම හිඳගෙන හැඬුවෙමි. බොහෝ දවසක් ශෝකවෙමින්, නිරාහාර ව සිටිමින්, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඉදිරියේ යාච්ඤා කරමින්

මෙයට අදාළ වීඩියෝ

නෙහෙමි 1:1-4 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය