නෙහෙමියා 1:1-4

නෙහෙමියා 1:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)

හකලියාගේ පුත් නෙහෙමියාගේ වචන: එය සිදු වූයේ විසිවන වසරේ, කිස්ලේව් මාසයේ ය. බළකොටු නුවර වූ ෂූෂන්හි මා සිටියදී, මගේ සහෝදරයකු වූ හනානී තවත් මිනිසුන් කීප දෙනකු කැටුව යූදා වෙතින් ආවේ ය. පිටුවහල්කමින් බේරී, ජීවත් ව ඉතිරි ව සිටි යුදෙව්වරුන් ගැනත්, යෙරුසලම ගැනත් මම ඔවුන්ගෙන් ඇසුවෙමි. ඔවුහු මා අමතමින්, “පිටුවහල්කමින් බේරී ඉතිරි ව, ඒ පළාතේ පදිංචි ව සිටින අය ඉන්නේ මහත් කරදරයටත්, නින්දාවටත් පත් වෙලා. යෙරුසලම් පවුර බිඳ දමනු ලැබ, එහි දොරටු ගිනිබත් කරනු ලැබ ඇතැ” යි පැවසූහ. ඒ වචන ඇසූ විට මම හිඳගෙන හැඬුවෙමි. බොහෝ දවසක් ශෝකවෙමින්, නිරාහාර ව සිටිමින්, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඉදිරියේ යාච්ඤා කරමින්

නෙහෙමියා 1:1-4 Sinhala Revised Old Version (SROV)

හකලියාගේ පුත්‍රවූ නෙහෙමියාගේ කථාවස්තුවයි. විසිවෙනි අවුරුද්දේ කිස්ලෙව් මාසයේ ෂූෂන් මාලිගාවේ මා සිටි කල, මාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක්වූ හනානීද ඔහු සමඟ තවත් මනුෂ්‍යයෝද යුදයෙන් ආවෝය; එවිට වාල්කමෙන් ගැළවී ඉතුරුවුණ යුදෙව්වරුන් ගැනද යෙරුසලම ගැනද ඔවුන්ගෙන් විචාළෙමි. ඔව්හු කථාකොට: වාල්කමෙන් ඉතුරුවී ඒ රටේ සිටින්නෝ මහත් විපත්තියෙනුත් නින්දාවෙනුත් පෙළෙති. යෙරුසලමේ පවුරද කඩාදමා තිබේ, ඒකේ දොරවල්ද ගින්නෙන් දවාදමා තිබේයයි මට කීවෝය. මම ඒ වචන ඇසූ කල හිඳගෙන අඬා, කීප දවසක් වැලපී නිරාහාරව සිට, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤාකෙළෙමි

නෙහෙමියා 1:1-4 Sinhala New Revised Version (NRSV)

මෙය වනාහි හකලියාගේ පුත් නෙහෙමියා වන මාගේ කතා වස්තුවකි. අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ කිස්ලෙව් මාසයේ සූසා නම් අගනුවර මා සිටි කල, මාගේ ඥාතීන්ගෙන් එක් කෙනෙකු වූ හනානි ද ඔහු සමඟ තවත් මනුෂ්‍යයෝ ද ජුදයෙන් ආහ. එවිට විප්‍රවාසයෙන් ගැළවී ඉතුරු වූ ජුදෙව්වරුන් ගැන ද ජෙරුසලම ගැන ද මම ඔවුන්ගෙන් විචාළෙමි. ඔව්හු කතා කොට, “විප්‍රවාසයෙන් බේරී ඒ රටේ ඉතිරි ව සිටින අය මහා දුක් කරදරවලටත්, නින්දාවටත් භාජන වී සිටිති. ජෙරුසලමේ පවුර ද බිඳ දමා තිබේ. එහි දොරටු ගිනිබත් කර තිබේ ය”යි මට කී හ. මම ඒ වචන ඇසූ කල හිඳගෙන ඇඬුවෙමි. මම කීප දවසක් වැලපෙමින්, නිරාහාර ව සිටිමින් ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤා කෙළෙමි

නෙහෙමියා 1:1-4 Sinhala New Revised Version 2018 (SNRV)