මීකා 5:1-4

මීකා 5:1-4 SCV

එම්බා භට-සේනා-දියණිය, නුඹේ භට-සේනා එක් රැස් කරන්න. මන්ද, අපට එරෙහිව වැටලුම් දමා ඇත. ඉශ්‍රායෙල් විනිශ්චයකරුගේ කම්මුලට ඔවුන් ඉපැල් පහර දෙනු ඇත. “එහෙත් නුඹ! එම්බා එෆ්‍රාතාහි බෙත්ලෙහෙම, යූදා පෙළපත් අතරෙහි නුඹ කුඩා වුවත්, ඉශ්‍රායෙලයේ පාලකයා මවෙත නික්ම එන්නේ නුඹ වෙතිනි. එතුමන්ගේ සම්භවය පැවත එන්නේ පුරාතනයේ සිට ය; අතීත දවස්වල සිට ය.” එබැවින්, දරු ප්‍රසූතියට ආසන්න තැනැත්තී පුතකු බිහි කරන තෙක් ම, ඔවුන් උන්වහන්සේ අත්හැර දමනු ඇත. ඉන්පසු, ඒ පුතුගේ සෙසු සහෝදරයෝ ඉශ්‍රායෙල් ජනයා හා එක්වීමට පෙරළා එන්නෝ ය. එතුමා නැගිට සිට, ස්වාමින්වහන්සේ තුළ ශක්තියෙන්, තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයේ බල පරාක්‍රමයෙන් තම රංචුව රැක බලා ගන්නේ ය. එකල ඔවුන් සුරැකි ව දිවි ගෙවනු ඇත. එවිට, පොළෝ සීමා තෙක් ම, එතුමන්ගේ උතුම්කම පැතිරෙන්නේ ය.

මීකා 5 කියවන්න

මීකා 5:1-4 බයිබල් පදය සහිත රූපය

මීකා 5:1-4 - එම්බා භට-සේනා-දියණිය, නුඹේ භට-සේනා එක් රැස් කරන්න.
මන්ද, අපට එරෙහිව වැටලුම් දමා ඇත.
ඉශ්‍රායෙල් විනිශ්චයකරුගේ කම්මුලට
ඔවුන් ඉපැල් පහර දෙනු ඇත.

“එහෙත් නුඹ! එම්බා එෆ්‍රාතාහි බෙත්ලෙහෙම,
යූදා පෙළපත් අතරෙහි නුඹ කුඩා වුවත්,
ඉශ්‍රායෙලයේ පාලකයා
මවෙත නික්ම එන්නේ නුඹ වෙතිනි.
එතුමන්ගේ සම්භවය පැවත එන්නේ පුරාතනයේ සිට ය;
අතීත දවස්වල සිට ය.”

එබැවින්, දරු ප්‍රසූතියට ආසන්න තැනැත්තී පුතකු බිහි කරන තෙක් ම,
ඔවුන් උන්වහන්සේ අත්හැර දමනු ඇත.
ඉන්පසු, ඒ පුතුගේ සෙසු සහෝදරයෝ
ඉශ්‍රායෙල් ජනයා හා එක්වීමට පෙරළා එන්නෝ ය.

එතුමා නැගිට සිට, ස්වාමින්වහන්සේ තුළ ශක්තියෙන්,
තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයේ බල පරාක්‍රමයෙන්
තම රංචුව රැක බලා ගන්නේ ය.
එකල ඔවුන් සුරැකි ව දිවි ගෙවනු ඇත.
එවිට, පොළෝ සීමා තෙක් ම, එතුමන්ගේ උතුම්කම පැතිරෙන්නේ ය.