මීකා 5:1-4
මීකා 5:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එම්බා භට-සේනා-දියණිය, නුඹේ භට-සේනා එක් රැස් කරන්න. මන්ද, අපට එරෙහිව වැටලුම් දමා ඇත. ඉශ්‍රායෙල් විනිශ්චයකරුගේ කම්මුලට ඔවුන් ඉපැල් පහර දෙනු ඇත. “එහෙත් නුඹ! එම්බා එෆ්‍රාතාහි බෙත්ලෙහෙම, යූදා පෙළපත් අතරෙහි නුඹ කුඩා වුවත්, ඉශ්‍රායෙලයේ පාලකයා මවෙත නික්ම එන්නේ නුඹ වෙතිනි. එතුමන්ගේ සම්භවය පැවත එන්නේ පුරාතනයේ සිට ය; අතීත දවස්වල සිට ය.” එබැවින්, දරු ප්‍රසූතියට ආසන්න තැනැත්තී පුතකු බිහි කරන තෙක් ම, ඔවුන් උන්වහන්සේ අත්හැර දමනු ඇත. ඉන්පසු, ඒ පුතුගේ සෙසු සහෝදරයෝ ඉශ්‍රායෙල් ජනයා හා එක්වීමට පෙරළා එන්නෝ ය. එතුමා නැගිට සිට, ස්වාමින්වහන්සේ තුළ ශක්තියෙන්, තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයේ බල පරාක්‍රමයෙන් තම රංචුව රැක බලා ගන්නේ ය. එකල ඔවුන් සුරැකි ව දිවි ගෙවනු ඇත. එවිට, පොළෝ සීමා තෙක් ම, එතුමන්ගේ උතුම්කම පැතිරෙන්නේ ය.
මීකා 5:1-4 Sinhala Revised Old Version (SROV)
ඉතින් හමුදාවල දියණියනි, හමුදා වශයෙන් රැස්වෙන්න. ඔහු අපට විරුද්ධව බලකොටු බැඳ තිබේ. ඔව්හු ඉශ්‍රායෙල්ගේ විනිශ්චයකාරයාගේ කම්මුලට දණ්ඩකින් පහරදෙන්නෝය. නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය. එබැවින් බිහිකරන තැනැත්තියගේ ප්‍රසූත කාලය දක්වා උන්වහන්සේ ඔවුන් පාවාදෙනවා ඇත. උන්වහන්සේගේ සහෝදරයන්ගෙන් ඉතිරි අයද ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට හැරී එනවා ඇත. උන්වහන්සේ සිටගෙන ස්වාමීන්වහන්සේගේ බලයෙන් සහ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයේ මහිමයෙන්ද තමන් රැළ පෝෂ්‍යයකරනවා ඇත. ඔව්හු පවතින්නෝය; මක්නිසාද උන්වහන්සේ එකල පොළෝ සීමා දක්වා උතුම්ව සිටිනවා ඇත.
මීකා 5:1-4 Sinhala New Revised Version (NRSV)
හමුදා රැස් කරන්න. සතුරෝ ජෙරුසලම වටලාගෙන සිටිති. ඉශ්රායෙල්හි නායකයන්ට ඔව්හු කෙවිටකින් පහර දෙති. “එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා! තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය. එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.” එබැවින් ගැබ්ගෙන සිටින ස්ත්‍රිය දරුවෙකු බිහි කරන තෙක් සමිඳාණන් වහන්සේ සිය සෙනඟ සතුරන්ට පාවා දෙන සේක. එවිට ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ඉතිරි කුඩා පිරිස ඔවුන්ගේ සෙනඟ සමඟ එක් වන්නෝ ය. එතුමන් පැමිණි විට, සමිඳාණන් වහන්සේගෙන් ලැබෙන ශක්තියෙන් ද දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයේ මහිමයෙන් ද සිය සෙනඟ පෝෂණය කරනු ඇත. පොළෝ තල වැසියන් සියලු දෙනා එතුමන්ගේ පාලනය පිළිගන්න බැවින්, එතුමන්ගේ සෙනඟ ආරක්ෂා සහිත ව සිටින්නෝ ය.
මීකා 5:1-4 Sinhala New Revised Version 2018 (SNRV)

මීකා 5:1-4 New International Version (NIV)
Marshal your troops now, city of troops, for a siege is laid against us. They will strike Israel’s ruler on the cheek with a rod. “But you, Bethlehem Ephrathah, though you are small among the clans of Judah, out of you will come for me one who will be ruler over Israel, whose origins are from of old, from ancient times.” Therefore Israel will be abandoned until the time when she who is in labor bears a son, and the rest of his brothers return to join the Israelites. He will stand and shepherd his flock in the strength of the LORD, in the majesty of the name of the LORD his God. And they will live securely, for then his greatness will reach to the ends of the earth.