මතෙව් 27:37-44

මතෙව් 27:37-44 SCV

උන්වහන්සේට එරෙහිව වූ චෝදනාව උන්වහන්සේගේ හිසට උඩින්, යුදෙව්වන්ගේ රජු වූ යේසුස් ය මේ යනුවෙන් ලියන ලද පුවරුවක් විය. යුදෙව්වන්ගේ රජු වූ යේසුස් ය මේ. සොරුන් දෙදෙනෙක් ද එක් කෙනකු උන්වහන්සේගේ දකුණු පසින් හා අනෙකා උන්වහන්සේගේ වම් පසින් සිටින සේ එහි උන්වහන්සේ සමඟ කුරුසිපත් කළහ. එතැන පසු කර ආ-ගිය අය තම හිස් වනමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්, “දේව මාලිගාව කඩා, තුන් දවසකින් එය යළි ගොඩ නගන නුඹ, නුඹ ම ගලවා ගනින්! නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බැස එනු” යි පැවසූහ. නායක පූජකවරු ද දහම් පඬිවරුන් හා වැඩිහිටියන් සමඟ උන්වහන්සේට සමච්චල් කරමින්, “ඔහු අනුන් ගැලෙව්වා! එහෙත් තමා ම ගලවා ගන්න බැහැ! ඔහු ඉශ්‍රායෙල් රජ්ජුරුවෝ නො වැ, ඔහු කුරුසියෙන් බැස ආවා වේ! එවිට අප ඔහු විශ්වාස කරනවා. ඔහු දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තබයි. දෙවියන්වහන්සේ ඔහුට කැමති සේක් නම්, උන්වහන්සේ ඔහු ගලවන සේක්වා! මන්ද ‘මම දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැ’ යි ඔහු කියා ඇතැ” යි කීහ. උන්වහන්සේ සමඟ කුරුසිපත් කර සිටි සොරු ද එලෙස ම උන්වහන්සේට නින්දා අපහාස කළහ.

මෙයට අදාළ වීඩියෝ

මතෙව් 27:37-44 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය