මතෙව් 12:33-40

මතෙව් 12:33-40 SCV

“ගස හොඳ වූ කල, එහි පල ද හොඳ වෙයි. ගස නරක් වූ කල, එහි පල ද නරක් වේ. මන්ද ගස හැඳින ගන්නේ එහි පලවලිනි. පොළොං වංශය, දුෂ්ට වූ නුඹලා යහපත පවසන්නේ කොහොම ද? මන්ද කටින් පිට වන්නේ ඔහුගේ හදෙහි පිරී ඇති දෙයිනි. හොඳ මනුෂ්‍යයා, තමන් තුළ නිදන්ගත හොඳ දෑ ද නපුරු මිනිසා තමන් තුළ නිදන්ගත නපුරු දෑ ද පිටතට ගෙනේ. එබැවින් මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ජනයාට තමන් පවසන හැම නො සැලකිලි වචනයක් ගැන ම ගණන් දීමට සිදුවන බවයි. මන්ද ඔබ නිදොස් කරන්නේ ඔබේ ම වචන මගිනි. ඔබ වරදට පත් කරන්නේ ද ඔබේ ම වචන මගිනි” යි පැවසූ සේක. එකල දහම් පඬිවරු හා ඇතැම් පරිසිවරු උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, ඔබගෙන් ලකුණක් දකින්නට අප කැමති” යි කීහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “දුෂ්ටවූත්, පරදාරිකවූත් පරම්පරාවක් ලකුණක් ඉල්ලයි. එහෙත් දිවැසිවර යෝනාගේ ලකුණ මිස, අන් ලකුණක් ඔවුන්ට දෙනු නො ලැබේ. මන්ද යෝනා, යෝධ මත්ස්‍යයාගේ කුස තුළ දහවල තුනක් හා රෑ තුනක් සිටි සේ ම, මනුෂ්‍ය පුත්‍රයාණන් ද පොළෝ හද ගැබෙහි දහවල තුනක් හා රෑ තුනක් සිටිනු ඇත.

මතෙව් 12:33-40 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය