තමන් හැදී වැඩුණු නාසරෙත් වෙත පැමිණි උන්වහන්සේ සබත් දින සුපුරුදු ලෙස සිනගෝගයට ගිය සේක. කියවීමට උන්වහන්සේ නැගිට සිටගත් කල, දිවැසිවර යෙසායාගේ ලියවිල්ල උන්වහන්සේ අත තබන ලදී. උන්වහන්සේ එය දිග හැර, මෙසේ සඳහන් තැන සොයා ගත් සේක: “ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් මා පිට ය. මන්ද දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්නට උන්වහන්සේ මා ආලේප කළ සේක. සිරකරුවන්ට නිදහස ප්‍රකාශ කරන්නට ද අන්ධයනට පෙනීම ලැබීමට ද පීඩිතයින්ට නිදහස දීමට ද ස්වාමින්වහන්සේගේ ප්‍රසාදයේ වසර ප්‍රකාශ කරන්නට ද උන්වහන්සේ මා එවූ සේක.” ඉන්පසු උන්වහන්සේ ලියවිල්ල අකුළා බාරකරු අතට දී අසුන් ගත් සේක. සිනගෝගයේ සියල්ලන්ගේ ඇස් යොමු වී තිබුණේ උන්වහන්සේ වෙත ය. උන්වහන්සේ ඔවුන් අමතමින්, “මේ ලියවිල්ල, අද දවසේ ඔබ අසා සිටියදී සම්පූර්ණ වුණා” යි කී සේක. එවිට සියල්ලෝ උන්වහන්සේගේ ගුණ වනමින්, උන්වහන්සේගේ මුවින් පිට වූ දයාන්විත වචන ගැන විස්මිත ව, “මේ යෝසෙප්ගේ පුතා නො වේ දැ?” යි කීහ. උන්වහන්සේ ඔවුන් අමතමින්, “ ‘වෙදාණනි, තමා ම සුව කර ගන්න!’ යන ප්‍රස්තාව පිරුළ ගෙන හැර, නිසැකයෙන් ම ඔබ මට කියාවි: ‘අපට අසන්නට ලැබුණු පරිදි, ඔබ කපර්ණවුමේදී කළ දේ මෙහි ඔබ උපන් ගමේදීත් කරන්න’ ” කියා. “සැබවින් ම මා ඔබට කියන්නේ, ගමේ දිවැසිවරයා ගම පිළිගන්නේ නැත කියායි. සත්‍යය මෙයයි, එලියාගේ කාලයේ තුන් අවුරුදු හය මසක් අහස වසනු ලැබ දේශය මුළුල්ලේ දැඩි සාගතයක් පැවති කල, ඉශ්රායෙලයේ කොතෙකුත් වැන්දඹුවන් සිටියත්, සීදොන් දේශයේ සරෙප්තාහි වැන්දඹු ස්ත්‍රියක වෙත මිස, ඒ කිසිවකු වෙත එලියා යවනු ලැබුවේ නැත. දිවැසිවර එලීෂාගේ කාලයේ, ඉශ්රායෙලයේ කොතෙකුත් කුෂ්ඨ රෝගීන් සිටියත්, සිරියානු නාමාන් මිස, ඒ කිසිවකුත් සුව කරනු ලැබුවේ නැතැ” යි කී සේක. සිනගෝගයේ වූ සියල්ලෝ ඒ ඇසූ කල ක්‍රෝධයෙන් පිරී, නැගිට, නගරෙන් පිටතට උන්වහන්සේ පන්නා, ඔවුන්ගේ නගරය ගොඩ නගා තිබූ කන්ද අද්දරට උන්වහන්සේ ගෙන ගියහ. එසේ කළේ, ප්‍රපාතයට උන්වහන්සේ හෙළා දමන පිණිස ය. එහෙත් උන්වහන්සේ ඔවුන් අතරින් ම ගමන් කොට, බැහැර ව ගිය සේක. ඉන්පසු උන්වහන්සේ ගලීලයේ නගරයක් වන කපර්ණවුම් වෙත ගොස් සබතේදී ඔවුන්ට ඉගැන් වූ සේක.
ලූක් 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ලූක් 4:16-31
3 Days
No relationship is as unique and special as the one shared by God the Father and God the Son. Let's examine that heavenly relationship closely in this three–day devotional plan and reflect on how we can apply it to our personal walk with Christ and our relationship with others.
In this part of the "Uniqueness of Christ" series, pastor Mark Rae guides us to meditate on Jesus' unique role as Messiah or Anointed One. Multiple passages in the Bible tell us what Jesus and others said about His role and how people reacted to it. How might we best respond to Jesus' unique role?
We live in an “always on” type of culture, and that is not a helpful or sustainable way to live. In this 3-day plan, you will discover God’s desire for you to experience a healthy rhythm of life and work. Pursuing balance is more than better time management. The way we choose to spend our time reveals our hearts and what we value.
4 Days
Our debts have been cancelled. Jesus has paid it all. Understand Jesus’ sacrifice and the eternal life we have been gifted as a result of it.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ