ශු. ලූක් 4:16-31

ශු. ලූක් 4:16-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තමන් හැදී වැඩුණු නාසරෙත් වෙත පැමිණි උන්වහන්සේ සබත් දින සුපුරුදු ලෙස සිනගෝගයට ගිය සේක. කියවීමට උන්වහන්සේ නැගිට සිටගත් කල, දිවැසිවර යෙසායාගේ ලියවිල්ල උන්වහන්සේ අත තබන ලදී. උන්වහන්සේ එය දිග හැර, මෙසේ සඳහන් තැන සොයා ගත් සේක: “ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් මා පිට ය. මන්ද දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්නට උන්වහන්සේ මා ආලේප කළ සේක. සිරකරුවන්ට නිදහස ප්‍රකාශ කරන්නට ද අන්ධයනට පෙනීම ලැබීමට ද පීඩිතයින්ට නිදහස දීමට ද ස්වාමින්වහන්සේගේ ප්‍රසාදයේ වසර ප්‍රකාශ කරන්නට ද උන්වහන්සේ මා එවූ සේක.” ඉන්පසු උන්වහන්සේ ලියවිල්ල අකුළා බාරකරු අතට දී අසුන් ගත් සේක. සිනගෝගයේ සියල්ලන්ගේ ඇස් යොමු වී තිබුණේ උන්වහන්සේ වෙත ය. උන්වහන්සේ ඔවුන් අමතමින්, “මේ ලියවිල්ල, අද දවසේ ඔබ අසා සිටියදී සම්පූර්ණ වුණා” යි කී සේක. එවිට සියල්ලෝ උන්වහන්සේගේ ගුණ වනමින්, උන්වහන්සේගේ මුවින් පිට වූ දයාන්විත වචන ගැන විස්මිත ව, “මේ යෝසෙප්ගේ පුතා නො වේ දැ?” යි කීහ. උන්වහන්සේ ඔවුන් අමතමින්, “ ‘වෙදාණනි, තමා ම සුව කර ගන්න!’ යන ප්‍රස්තාව පිරුළ ගෙන හැර, නිසැකයෙන් ම ඔබ මට කියාවි: ‘අපට අසන්නට ලැබුණු පරිදි, ඔබ කපර්ණවුමේදී කළ දේ මෙහි ඔබ උපන් ගමේදීත් කරන්න’ ” කියා. “සැබවින් ම මා ඔබට කියන්නේ, ගමේ දිවැසිවරයා ගම පිළිගන්නේ නැත කියායි. සත්‍යය මෙයයි, එලියාගේ කාලයේ තුන් අවුරුදු හය මසක් අහස වසනු ලැබ දේශය මුළුල්ලේ දැඩි සාගතයක් පැවති කල, ඉශ්‍රායෙලයේ කොතෙකුත් වැන්දඹුවන් සිටියත්, සීදොන් දේශයේ සරෙප්තාහි වැන්දඹු ස්ත්‍රියක වෙත මිස, ඒ කිසිවකු වෙත එලියා යවනු ලැබුවේ නැත. දිවැසිවර එලීෂාගේ කාලයේ, ඉශ්‍රායෙලයේ කොතෙකුත් කුෂ්ඨ රෝගීන් සිටියත්, සිරියානු නාමාන් මිස, ඒ කිසිවකුත් සුව කරනු ලැබුවේ නැතැ” යි කී සේක. සිනගෝගයේ වූ සියල්ලෝ ඒ ඇසූ කල ක්‍රෝධයෙන් පිරී, නැගිට, නගරෙන් පිටතට උන්වහන්සේ පන්නා, ඔවුන්ගේ නගරය ගොඩ නගා තිබූ කන්ද අද්දරට උන්වහන්සේ ගෙන ගියහ. එසේ කළේ, ප්‍රපාතයට උන්වහන්සේ හෙළා දමන පිණිස ය. එහෙත් උන්වහන්සේ ඔවුන් අතරින් ම ගමන් කොට, බැහැර ව ගිය සේක. ඉන්පසු උන්වහන්සේ ගලීලයේ නගරයක් වන කපර්ණවුම් වෙත ගොස් සබතේදී ඔවුන්ට ඉගැන් වූ සේක.

ශු. ලූක් 4:16-31 Sinhala Revised Old Version (SROV)

උන්වහන්සේ තමන් වැඩුණු නුවරවූ නාසරෙත්ට පැමිණ, තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසෙහි සිනගෝගයට ඇතුල්ව, කියවන පිණිස නැගුටුණුසේක. එවිට අනාගතවක්තෘවූ යෙසායාගේ පොත උන්වහන්සේට දෙනලද්දේය. උන්වහන්සේ පොත දිගහැර: ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශකරන්ටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද ස්වාමීන්වහන්සේගේ පිළිගත යුතු අවුරුද්ද ප්‍රකාශකරන්ටද උන්වහන්සේ මා එවූසේකැයි ලියා තිබෙන ස්ථානය සොයාගෙන, පොත අකුළා සේවකයාට දී, වැඩහුන්සේක. එකල සිනගෝගයෙහි සිටි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි ඇස් හෙළාගෙන සිටියෝය. උන්වහන්සේ ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: අද නුඹලා අසා සිටියදී මේ ලියවිල්ල සම්පූර්ණවීයයි කීසේක. සියල්ලෝ උන්වහන්සේට සාක්ෂිදෙමින්, උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කරුණාවේ වචන ගැන පුදුමව: මොහු යෝසෙප්ගේ පුත්‍රයා නොවේදැයි කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: වෙදාණෙනි, තමාම සුවකරගන්න යන මේ උපහැරණ කීම මට කියා, නුඹ කපර්ණවුමෙහිදී කළාය කියා අප විසින් ඇසූ දේම නුඹේ රටවූ මෙහිදීත් කරන්නැයි නිසැකින්ම මට කියනවා ඇත. සැබවක් නුඹලාට කියමි–කිසි අනාගතවක්තෘ කෙනෙක් තමාගේම රටෙහිදී පිළිගනු නොලබන්නේය. සැබවක් නුඹලාට කියමි–එලියාගේ දවස්වලදී තුන් අවුරුදු සමසක් අහස පියවී, රට මුළුල්ලෙහි මහත් සාගතයක් පැවති කල, ඉශ්‍රායෙල්හි බොහෝ වැන්දඹුවන් සිටිය නුමුත්, සීදොන් දේශයෙහි සරෙප්තාවේ වැන්දඹු ස්ත්‍රියෙක් වෙතට මිස ඔවුන්ගෙන් කිසිවෙකු වෙතට එලියා යවනු නොලැබුයේය. අනාගතවක්තෘවූ එලිෂාගේ කාලයේදී ඉශ්‍රායෙල්හි බොහෝ කුෂ්ඨරෝගීන් සිටිය නුමුත්, සිරියාවේ නාමන් මිස ඔවුන්ගෙන් කිසිවෙක් පවිත්‍රකරනු නොලැබුයේයයි කීසේක. සියල්ලෝ ඒ අසා, සිනගෝගයෙහිදී ක්‍රෝධයෙන් පිරී, නැගිට, උන්වහන්සේ නුවරින් පිටත දමා, උන්වහන්සේ පහතට හෙළන පිණිස තමුන්ගේ නුවර ගොඩනගනලද කන්ද අද්දරට ගෙනගියෝය. නුමුත් උන්වහන්සේ ඔවුන් මැදින් ගොස් යන්ට ගියසේක. උන්වහන්සේ ගලීලයේ නුවරක්වූ කපර්ණවුමට පැමිණ, සබත් දවසේදී ඔවුන්ට උගන්වමින් සිටිසේක.

ශු. ලූක් 4:16-31 Sinhala New Revised Version (NRSV)

උන් වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේ දී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැඟිට සිටි සේක. එවිට දිවැසිවර යෙසායාගේ ග්‍රන්ථය උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේ ග්‍රන්ථය දිගහැර, මෙ‍සේ ලියා ඇති තැන සොයාගත් සේක: “සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක. වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්, සමිඳාණන් වහන්සේගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්ටත් මා එවා වදාළ සේක.” උන් වහන්සේ එය කියවා, ග්‍රන්ථය අකුළා, උපස්ථායක තැනට දී වැඩහුන් සේක. එකල ධර්මශාලාවෙහි සිටි සියල්ලෝ උන් වහන්සේ කෙරෙහි නෙත් යොමා සිටියහ. උන් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන් ගෙන, “අද ඔබ සවන් දී සිටිය දී ම මේ ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වී ය”යි වදාළ සේක. සියල්ලෝ ම උන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුම ව, “මේ ජෝසෙප්ගේ පුතා නොවේ දැ”යි කී හ. එවිට උන් වහන්සේ කතා කොට, “ ‘වෙද තුමාණෙනි, ඔබ, ඔබම සුව කරගන්න’ යන ප්‍රස්තා පිරුළ ඔබ නිසැක ව ම මට ගෙන හැර පා, ‘කපර්ණවුමෙ‍හි දී ඔබ විසින් කරන ලදැ යි අප ඇසූ ක්‍රියා ඔබේ උපන් ගම වන මෙ‍හිදීත් කරන්නැ’යි මට කියනු ඇත. සැබැවින් ම මම ඔබට කියමි, ගමේ දිවැසිවරයා ගමට අගේ නැත. සහතික ලෙස මම ඔබට කියමි, එලියාගේ කාලයේ දී තුන් අවුරුදු සමසක් මුළුල්ලෙහි අහස පියවී, රට පුරා දැඩි සාගතයක් පැවති අතර, ඉශ්රායෙල් රටේ බොහෝ වැන්දඹුවන් සිටි නමුත්, සීදොන් පළාතෙහි ශාරෙපත්හි වැන්දඹුව වෙත මිස අන් කිසිවෙකු වෙතට එලියා නොයවන ලද්දේ ය. දිවැසිවර එලිෂාගේ කාලයේ දී ඉශ්රායෙල් රටේ බොහෝ කුෂ්ඨ රෝගීන් සිටි නමුත්, සිරියානු ජාතික නාමන් මිස අන් කිසිවෙක් සුවය නොලැබී ය”යි වදාළ සේක. ධර්මශාලාවෙහි සිටි මුළු සමූහයා ඒ අසා කෝපාවිෂ්ට වූ හ. ඔව්හු වහා නැඟිට උන් වහන්සේ නුවරින් පිටතට නෙරපා, ප්‍රපාතයට හෙළනුවස් ඔවුන්ගේ නුවර ගොඩනඟා තිබුණු කන්ද අද්දරට ගෙන ගියහ. එහෙත් උන් වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගිය සේක. උන් වහන්සේ ගලීලයේ නුවරක් වන කපර්ණවුමට පැමිණ, සබත් දිනයේ දී අනුශාසනා කරමින් සිටි සේක.

ශු. ලූක් 4:16-31 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. ලූක් 4:16-31 New International Version (NIV)

He went to Nazareth, where he had been brought up, and on the Sabbath day he went into the synagogue, as was his custom. He stood up to read, and the scroll of the prophet Isaiah was handed to him. Unrolling it, he found the place where it is written: “The Spirit of the Lord is on me, because he has anointed me to proclaim good news to the poor. He has sent me to proclaim freedom for the prisoners and recovery of sight for the blind, to set the oppressed free, to proclaim the year of the Lord’s favor.” Then he rolled up the scroll, gave it back to the attendant and sat down. The eyes of everyone in the synagogue were fastened on him. He began by saying to them, “Today this scripture is fulfilled in your hearing.” All spoke well of him and were amazed at the gracious words that came from his lips. “Isn’t this Joseph’s son?” they asked. Jesus said to them, “Surely you will quote this proverb to me: ‘Physician, heal yourself!’ And you will tell me, ‘Do here in your hometown what we have heard that you did in Capernaum.’ ” “Truly I tell you,” he continued, “no prophet is accepted in his hometown. I assure you that there were many widows in Israel in Elijah’s time, when the sky was shut for three and a half years and there was a severe famine throughout the land. Yet Elijah was not sent to any of them, but to a widow in Zarephath in the region of Sidon. And there were many in Israel with leprosy in the time of Elisha the prophet, yet not one of them was cleansed—only Naaman the Syrian.” All the people in the synagogue were furious when they heard this. They got up, drove him out of the town, and took him to the brow of the hill on which the town was built, in order to throw him off the cliff. But he walked right through the crowd and went on his way. Then he went down to Capernaum, a town in Galilee, and on the Sabbath he taught the people.