ලූක් 18:40-42
ලූක් 18:40-42 SCV
යේසුස්වහන්සේ නැවතී, ඔහු තමන් වෙත පමුණු වන්නට අණ කළ සේක. ඔහු තමන් අසලට ආ කල, ඔහු ඇමතූ උන්වහන්සේ, “මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි ඇසූ සේක. “ස්වාමිනි, මට යළි පෙනීම ලබන්නට ඕනෑ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට යේසුස්වහන්සේ, “ඔබේ පෙනීම ලබන්න; ඔබේ ඇදහිල්ල ඔබ සුව කළේ යැ” යි කී සේක.

