ශු. ලූක් 18:40-42
ශු. ලූක් 18:40-42 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ නැවතී, ඔහු තමන් වෙත පමුණු වන්නට අණ කළ සේක. ඔහු තමන් අසලට ආ කල, ඔහු ඇමතූ උන්වහන්සේ, “මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි ඇසූ සේක. “ස්වාමිනි, මට යළි පෙනීම ලබන්නට ඕනෑ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට යේසුස්වහන්සේ, “ඔබේ පෙනීම ලබන්න; ඔබේ ඇදහිල්ල ඔබ සුව කළේ යැ” යි කී සේක.
ශු. ලූක් 18:40-42 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේ නැවතී සිට ඔහු තමන් ළඟට ගෙනෙන්ට අණකළසේක. ඔහු ළඟට ආ කල: මා විසින් නුඹට කුමක් කරනවාට නුඹ කැමැත්තෙහිදැයි ඔහුගෙන් ඇසූසේක. ස්වාමීනි, මට පෙනීම ලැබේවයි ඔහු කීවේය. යේසුස්වහන්සේ: පෙනීම ලබන්න. නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේයයි ඔහුට කීසේක.
ශු. ලූක් 18:40-42 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ නැවතී, ඔහු තමන් ළඟට ගෙනෙන්න අණ කළ සේක. ඔහු ළඟට ආ කල, “මා ඔබට කුමක් කර දෙනවාට කැමැත්තෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. “ස්වාමීනි මාගේ පෙනීම මට ලබා දුන මැනවැ”යි ඔහු කී ය. ජේසුස් වහන්සේ කතා කරමින්, “පෙනීම ලබන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කෙළේ ය”යි වදාළ සේක.
ශු. ලූක් 18:40-42 Sinhala New Revised Version 2018 (SNRV)
ජේසුස් වහන්සේ නැවතී, ඔහු තමන් ළඟට ගෙනෙන්න අණ කළ සේක. ඔහු ළඟට ආ කල, “මා ඔබට කුමක් කර දෙනවාට කැමැත්තෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. “ස්වාමීනි මාගේ පෙනීම මට ලබා දුන මැනවැ”යි ඔහු කී ය. ජේසුස් වහන්සේ කතා කරමින්, “පෙනීම ලබන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කෙළේ ය”යි වදාළ සේක.
ශු. ලූක් 18:40-42 New International Version (NIV)
Jesus stopped and ordered the man to be brought to him. When he came near, Jesus asked him, “What do you want me to do for you?” “Lord, I want to see,” he replied. Jesus said to him, “Receive your sight; your faith has healed you.”