ලෙවී 24:5-8

ලෙවී 24:5-8 SCV

“සිහින් පිටි ගෙන, එකක් ඒෆාවකින් දහයෙන් දෙපංගුවක් බැගින් වූ රොටි දොළහක් පුලුස්සා ගන්න. එක ගොඩකට හය බැගින්, ඒවා අමිශ්‍ර රන් මේසය මත ස්වාමින්වහන්සේ අබියස ගොඩවල් දෙකකට තබන්න. තවද ස්වාමින්වහන්සේට ගින්නේ පිදෙන පූජාවක් සේ, එම කැවිලිවල සිහිවීමේ පංගුවක් වශයෙන් ඒ එක් එක් ගොඩ මත පිරිසිදු කට්ටකුමංජල් ස්වල්පයක් දමන්න. ඉශ්‍රායෙල් ජනයා උදෙසා සදාතනික ගිවිසුමක් වශයෙන් මෙම රොටි, සබතක්, සබතක් පාසා, නිති පතා ස්වාමින්වහන්සේ අබිමුවේ විධිමත් ව තැබිය යුතු ය.