ලෙවී 23:5-8

ලෙවී 23:5-8 SCV

ස්වාමින්වහන්සේගේ පාස්කුව ඇරඹෙන්නේ පළමු මස දහහතර වන දින සවස ය. එම මස පහළොස් වන දින ස්වාමින්වහන්සේගේ මුහුන් නුමුසු රොටි මංගල්‍යය ඇරඹේ. හත් දවසක් ඔබ මුහුන් නුමුසු රොටි අනුභව කළ යුතු ය. මුල් දවසේ ශුද්ධ එක් රැස්වීමක් පවත්වන්න. එදින, සුපුරුදු වැඩවල නො යෙදිය යුතු ය. දවස් හතක් ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජාවක් පිළිගන්වන්න. හත් වන දවසේ ද සුපුරුදු වැඩවල නො යෙදී, ශුද්ධ එක් රැස්වීමක් පවත්වන්නැ’ යි” පැවසූ සේක.