ලෙවී 23:15-21
ලෙවී 23:15-21 SCV
“ ‘තේව කිරීමේ පූජාවේ, ප්‍රථම-ගොයම් මිටිය ගෙන ආ දවස වන සබතට පසු දා සිට සම්පූර්ණ සති හතක් ගණන් කර ගන්න. මෙසේ හත් වන සබතට පසු දා දක්වා දින පනහක් ගැන, ස්වාමින්වහන්සේට අලුත් ධාන්‍ය පූජාවක් ඔප්පු කරන්න. ඔබ වාසය කරන කොතැනක සිට වුව ද මුහුන් මුසු සිහින් පිටි ඒෆාවකින් දහයෙන් දෙපංගුවක් ගෙන තැනූ රොටි දෙකක්, ස්වාමින්වහන්සේට ප්‍රථම පල තේව කිරීමේ පූජාවක් වශයෙන් ගෙන එන්න. මෙම රොටි සමඟ, කැළැල් රහිත, එක් අවුරුදු බැටළු පැටවුන් හත්දෙනකු ද ගොන් වස්සකු ද බැටළුවන් දෙදෙනකු ද පිළිගන්වන්න. අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා සමඟ පිදෙන මේවා ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් කොට, ගින්නෙන් පිදෙන දවන යාග පූජාවක් වන්නේ ය. ඉන්පසු පාප පූජාවක් සඳහා එළු වස්සකු ද ශාන්ති පූජාවක් සඳහා එක් අවුරුදු බැටළු පැටවුන් දෙදෙනකු ද යාග කරන්න. පූජකයා, ප්‍රථම පල රොටි සමඟ බැටළු පැටවුන් දෙදෙනා ස්වාමින්වහන්සේ ඉදිරියේ තේව කිරීමේ පූජාවක් කොට තේව කළ යුතු ය. පූජකයා සඳහා ඒවා ස්වාමින්වහන්සේට ශුද්ධ ය. ඒ දවසේ ම ශුද්ධ එක් රැස්වීමක් ප්‍රකාශයට පත් කරන්න. සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. ඔබ කොතැනක වාසය කළ ද, මතු පරම්පරාවලදීත් මෙය ඔබට සදාතනික නියෝගයකි.

