ලෙවී 12:1-4

ලෙවී 12:1-4 SCV

ස්වාමින්වහන්සේ, මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල්වරුනට මෙසේ කියන්න: ‘කාන්තාවක ගැබ් ගෙන, පිරිමි දරුවකු බිහි කළ විටෙක, ඇය ඇගේ මාසික ඔසප් දවස්හි අපවිත්‍ර ව සිටින පරිදි, හත් දවසක් අපවිත්‍ර වෙයි. අ‍ට වන දවසේ එම පිරිමි දරුවා චර්ම-ඡේදන කළ යුතු ය. ඉන්පසු, ඒ කාන්තාව තමාගේ ලේ ගැලීමෙන් පවිත්‍ර වීමේ කාලය වන තිස්තුන් දවසක් පසු කළ යුතු ය. ඇගේ පවිත්‍ර වීමේ දවස් ගෙවෙන තෙක්, ඇය කිසියම් ශුද්ධ දෙයක් ස්පර්ශ නො කළ යුතු ය; ශුද්ධස්ථානය වෙත ද නො යා යුතු ය.