විලාප ගී 3:13-20

විලාප ගී 3:13-20 SCV

උන්වහන්සේ තම හී කොපුවේ එක එක හීයෙන් මගේ හද ඇතුළට ම විද්ද සේක; මගේ මුළු ජනතාවට මා සිනහවට ඉලක්කයක් විණ; දවස පුරා ඔවුහු කවට ගීයෙන් මට සමච්චල් කළහ. උන්වහන්සේ දොම්නසේ තික්තකමින් මා පුරවා, තිත්ත කදුරු මට බොන්නට දුන් සේක. උන්වහන්සේ බොරලු හපන්නට දී, මගේ දත් කැඩූ සේක; උන්වහන්සේ දූලියෙහි මා පාගා දැමූ සේක. ශාන්තිය මා වෙතින් දුරු කරනු ලැබ ඇත; සමෘද්ධිය කවරේදැයි මට අමතක ව ගොසිනි. එබැවින් මම මෙසේ කියමි: “මගේ ශක්තිය පහව ගොසිනි; ස්වාමින්වහන්සේ තුළ මගේ සියලු බලාපොරොත්තු සිඳී ගොසිනි.” තිත්ත දොම්නස් හා තිත්ත කදුරු වන් මගේ දුක් පීඩා හා මගේ මුළාවීම් මම සිහි කරමි. ඒවා මට හොඳින් මතකය; මගේ ජීවය මා තුළෙහි ම, දුර්මුඛ වී ඇත.

විලාප ගී 3:13-20 සඳහා වීඩියෝව

විලාප ගී 3:13-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය