විලාප ගී 3:13-20
විලාප ගී 3:13-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ තම හී කොපුවේ එක එක හීයෙන් මගේ හද ඇතුළට ම විද්ද සේක; මගේ මුළු ජනතාවට මා සිනහවට ඉලක්කයක් විණ; දවස පුරා ඔවුහු කවට ගීයෙන් මට සමච්චල් කළහ. උන්වහන්සේ දොම්නසේ තික්තකමින් මා පුරවා, තිත්ත කදුරු මට බොන්නට දුන් සේක. උන්වහන්සේ බොරලු හපන්නට දී, මගේ දත් කැඩූ සේක; උන්වහන්සේ දූලියෙහි මා පාගා දැමූ සේක. ශාන්තිය මා වෙතින් දුරු කරනු ලැබ ඇත; සමෘද්ධිය කවරේදැයි මට අමතක ව ගොසිනි. එබැවින් මම මෙසේ කියමි: “මගේ ශක්තිය පහව ගොසිනි; ස්වාමින්වහන්සේ තුළ මගේ සියලු බලාපොරොත්තු සිඳී ගොසිනි.” තිත්ත දොම්නස් හා තිත්ත කදුරු වන් මගේ දුක් පීඩා හා මගේ මුළාවීම් මම සිහි කරමි. ඒවා මට හොඳින් මතකය; මගේ ජීවය මා තුළෙහි ම, දුර්මුඛ වී ඇත.
විලාප ගී 3:13-20 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ තමන් කොපුවේ ඊගස් මාගේ කටියට විද්දසේක. මම මාගේ මුළු සෙනඟට හිනාවක්ද දවස මුළුල්ලේ ඔවුන්ගේ කවියද වී සිටිමි. උන්වහන්සේ තික්ත රසයෙන් මා පුරවා, මට කොසඹ පෙවූසේක. උන්වහන්සේ බොරළුවලින් මාගේ දත් බින්දසේක, අලුයෙන් මා වැසූසේක. ඔබ මාගේ ආත්මය සමාදානය කෙරෙන් දුරුකළසේක; සැපත මට මතක නැතිවිය. මාගේ සවියත් ස්වාමීන්වහන්සේ කෙරෙන් මාගේ බලාපොරොත්තුවත් නැතිවී ගියේයයි කීමි. කොසඹ සහ වසද වැනිවූ මාගේ පීඩාවත් මාගේ දුකත් සිහිකළ මැනව. මාගේ ආත්මය තවම ඒවා සිහිකර මා තුළ පහත්වන්නේය.
විලාප ගී 3:13-20 Sinhala New Revised Version (NRSV)
එතුමාණෝ තම කොපුවේ ඊගස් මාගේ හදවතට විද්ද සේක. මම මාගේ මුළු සෙනඟට හිනාවක් ද දවස මුළුල්ලේ ඔවුන්ට කවටකමක් ද වී සිටිමි. එතුමාණෝ තිත්ත වේදනාවෙන් මා පුරවා මට කොසඹ පෙවූ සේක. එතුමාණෝ බොරළුවලින් මාගේ දත් බින්ද සේක; කෑම සඳහා මට අළු දුන් සේක. සාමය මාගෙන් තුරන් වී ඇත. සැපත යනු කුමක් දැ යි මට අමතක වී ඇත. දැන් මම මෙසේ කියමි: “මාගේ ශක්තිය පහ වී ගොස් ඇත. සමිඳුන් කෙරෙහි මාගේ බලාපොරොත්තුව තුරන් වී ඇත.” මාගේ ශෝකයත්, මාගේ පීඩාවත් මට සිහි වීම කොසඹ හා වස දිය වැනි ය. මම ඒ ගැන නිතර ම සිහි කරමි; මාගේ සිත අධෛර්යයට පත් වී ඇත.
විලාප ගී 3:13-20 Sinhala New Revised Version 2018 (SNRV)
එතුමාණෝ තම කොපුවේ ඊගස් මාගේ හදවතට විද්ද සේක. මම මාගේ මුළු සෙනඟට හිනාවක් ද දවස මුළුල්ලේ ඔවුන්ට කවටකමක් ද වී සිටිමි. එතුමාණෝ තිත්ත වේදනාවෙන් මා පුරවා මට කොසඹ පෙවූ සේක. එතුමාණෝ බොරළුවලින් මාගේ දත් බින්ද සේක; කෑම සඳහා මට අළු දුන් සේක. සාමය මාගෙන් තුරන් වී ඇත. සැපත යනු කුමක් දැ යි මට අමතක වී ඇත. දැන් මම මෙසේ කියමි: “මාගේ ශක්තිය පහ වී ගොස් ඇත. සමිඳුන් කෙරෙහි මාගේ බලාපොරොත්තුව තුරන් වී ඇත.” මාගේ ශෝකයත්, මාගේ පීඩාවත් මට සිහි වීම කොසඹ හා වස දිය වැනි ය. මම ඒ ගැන නිතර ම සිහි කරමි; මාගේ සිත අධෛර්යයට පත් වී ඇත.
විලාප ගී 3:13-20 New International Version (NIV)
He pierced my heart with arrows from his quiver. I became the laughingstock of all my people; they mock me in song all day long. He has filled me with bitter herbs and given me gall to drink. He has broken my teeth with gravel; he has trampled me in the dust. I have been deprived of peace; I have forgotten what prosperity is. So I say, “My splendor is gone and all that I had hoped from the LORD.” I remember my affliction and my wandering, the bitterness and the gall. I well remember them, and my soul is downcast within me.