යෝෂුවා 6:16-20

යෝෂුවා 6:16-20 SCV

හත් වන වාරයේ පූජකයින් දීර්ඝ ස්වරයෙන් හොරණෑ හැඬ වූ කල, යෝෂුවා ජනයා අමතමින්, “ජය ගොස නගනු! මන්ද, ස්වාමින්වහන්සේ පුරවරය ඔබට දී තිබේ. පුරවරයත්, එහි ඇති සියල්ලත් ස්වාමින්වහන්සේ උදෙසා මුළුමනින් ම විනාශයට කැප ය. රාහාබ් වෙසඟන හා ඇය සමඟ නිවසේ සිටින ඇගේ නිවසේ සිටින අයට පමණක් ජීවත් විය හැක. මන්ද අප යැවූ පණිවුඩකරුවන් සැඟවූයේ ඇයයි. දැන් නුඹලා විනාශයට කැප දේවලින් ඈත් ව සිටිනු. විනාශයට කැප දේවලින් යමක් ගෙන ඉශ්‍රායෙල් කඳවුර විනාශයට භාජනය වන පිණිස, විපත්තිය ඒ පිටට නො ගෙනේවා. රිදී හා රන් ද ලෝකඩ හා යකඩ භාණ්ඩ ද යන සියල්ල ස්වාමින්වහන්සේට කැප ය. ඒවා උන්වහන්සේගේ ගබඩාවට යා යුතු යැ” යි පැවසී ය. මෙසේ ජනයා ඔල්වරසන් දුන්හ. හොරණෑ හඬ නංවන ලදී. හොරණෑ නාදය ඇසුණු විගස, ජනයා මහා ජය ඝෝෂාවක් නැගූහ. එවිට පුර පවුර බිමට සමතලාව බිඳ වැටිණි; එවිට ජනයා කෙළින් ම පුරවරයට වැද, එය අල්ලා ගත්හ.

යෝෂුවා 6:16-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය