යෝෂුවා 6:12-16

යෝෂුවා 6:12-16 SCV

යෝෂුවා පසු දින උදයේ වේලාසනින් නැගිට්ටේ ය. පූජකවරු ස්වාමින්වහන්සේගේ කරඬුව ඔසවා ගත්හ. බැටළු අං හොරණෑ හත රැගත් පූජකයින් හත්දෙනා ස්වාමින්වහන්සේගේ කරඬුවට පෙරටුව ගමන් කළේ නො නැවත හොරණෑ පිඹිමිනි. ආයුධ දැරූ මිනිස්සු ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළහ. නො නැවත හොරණෑ හැඬවෙන අතරේ පසු සේනාංකය, ස්වාමින්වහන්සේගේ කරඬුව පසුපසින් ගමන් ගත්හ. ඔවුහු දෙවන දවසේ පුරවරය වටා පෙළපාලියෙන් වරක් ගමන් කොට, කඳවුරට හැරී ආහ. හය දවසක් ම ඔවුහු එසේ කළහ. හත් වන දවසේ අලුයම් උදයෙන් නැගිටුණු ඔවුහු ඒ අයුරින් ම පුරවරය වටා පෙළපාලියෙන් හත් වාරයක් ගමන් කළහ. ඒ දවසේ පමණක් ඔවුහු පුරවරය වටා හත් වාරයක් පෙළපාලියෙන් ගමන් කළහ. හත් වන වාරයේ පූජකයින් දීර්ඝ ස්වරයෙන් හොරණෑ හැඬ වූ කල, යෝෂුවා ජනයා අමතමින්, “ජය ගොස නගනු! මන්ද, ස්වාමින්වහන්සේ පුරවරය ඔබට දී තිබේ.

යෝෂුවා 6:12-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය