මේ වන විට ඉශ්‍රායෙල් ජනයා නිසා, යෙරිකෝව තරයේ වසා දමන ලදී; කිසිවකු පිටතට ගියේවත්, ඇතුළට ආවේවත් නැත. එකල ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, “ඔන්න! යෙරිකෝව, එහි රජු සමඟ එහි රණකාමී සෙබළුන් මම ඔබේ අතට දී ඇත්තෙමි. පුරවරය වට කරමින්, යුද්ධකාමී මිනිසුන් සියලු දෙනා සමඟ ඔබ පුරවරය වටා එක් වරක් පෙළපාලියෙන් ගමන් කළ යුතු ය. දවස් හයක් එසේ කළ යුතු ය. පූජකයින් හත් දෙනෙක් ගිවිසුම් කරඬුවට පෙරටුව බැටළු අං හොරණෑ හතක් රැගෙන, යා යුතු ය. හත්වෙනි දවසේ පුරවරය වටා හත් වරක් පෙළපාලියෙන් ගමන් කළ යුතු ය; පූජකයින් හොරණෑ පිඹිය යුතු ය. ඔවුන් බැටළු අං හොරණෑවෙන් දීර්ඝ ස්වරයෙන් හඬ නංවන කල, ඒ හොරණෑ නාදය ඔබට ඇසෙන කල මුළු ජනතාව මහ කෑගැසීමකින් කෑ ගැසිය යුතු ය; එවිට පුර පවුර බිමට සමතලාව ඇද වැටෙන්නේ ය. එවිට ජනයා හැම කෙනෙක් ම කෙළින් ම ඉදිරියට යන්නේ යැ” යි පැවසූ සේක.
යෝෂුවා 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝෂුවා 6:1-5
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ