යෝෂුවා 4:19-24

යෝෂුවා 4:19-24 SCV

ජනයා පළමු මස දහ වන දින යොර්දානෙන් එගොඩ වී, යෙරිකෝවේ නැගෙනහිර මායිමේ ගිල්ගාල්හි කඳවුරු බැන්දහ. ඔවුන් යොර්දාන් ගඟෙන් ගත් ගල් දොළොස ගිල්ගාල්හි පිහිටෙවු යෝෂුවා, ඉශ්‍රායෙල්වරුන් අමතමින්, “ඔබේ දරුවන් මතු දවස ඔවුන්ගේ පියවරුන්ගෙන්, ‘මොකක් ද මේ ගල්වල තේරුම?’ යි ඇසූ විටෙක, ‘ඉශ්‍රායෙල් මෙහිදී වියළි බිම පිට යොර්දානය තරණය කළ බව’ ඔබ ඔවුන් දැනුම්වත් කළ යුතු ය. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ යොර්දානෙන් එතෙර වන තෙක් ම එහි ජලය හින්ද වූයේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ රතු මුහුදට කළ ලෙස ම ය. අප ඉන් එතෙර වන තෙක් ම උන්වහන්සේ එහි ජලය හින්ද වූ සේක. එසේ කළේ ස්වාමින්වහන්සේගේ හස්තය බලවත් වග පොළොවේ සියලු ජාතීන් දැනගන්නා පිණිසත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ සදහට ම භය වන පිණිසත් යැ” යි පැවසී ය.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 4:19-24 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය