යෝෂුවා 24:16-18

යෝෂුවා 24:16-18 SCV

එවිට ජනයා පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ අතහැර, අන්‍ය දෙවිවරුන්ට මෙහෙ කිරීම අප කෙරෙන් දුරු වේවා! අප ද අපේ පියවරුන් ද ඊජිප්තු දේශයෙන්, වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපගේ ඇස් හමුවේ මේ මහ ලකුණු පෑවේත් අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ම ය. අපගේ මුළු ගමනේදීත්, සියලු ජාතීන් මැදින් අප කළ සංචාරයේදීත් උන්වහන්සේ අප ආරක්ෂා කළ සේක. දේශයෙහි වාසය කළ අමෝරිවරුන් ඇතුළු සියලු ජාතීන් ස්වාමින්වහන්සේ අප ඉදිරියෙන් පන්නා දැමූ සේක. එනිසා අපිත්, ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු; මන්ද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේ යැ” යි පැවසූහ.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 24:16-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය