යෝෂුවා 24:16-18
යෝෂුවා 24:16-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ජනයා පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ අතහැර, අන්‍ය දෙවිවරුන්ට මෙහෙ කිරීම අප කෙරෙන් දුරු වේවා! අප ද අපේ පියවරුන් ද ඊජිප්තු දේශයෙන්, වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපගේ ඇස් හමුවේ මේ මහ ලකුණු පෑවේත් අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ම ය. අපගේ මුළු ගමනේදීත්, සියලු ජාතීන් මැදින් අප කළ සංචාරයේදීත් උන්වහන්සේ අප ආරක්ෂා කළ සේක. දේශයෙහි වාසය කළ අමෝරිවරුන් ඇතුළු සියලු ජාතීන් ස්වාමින්වහන්සේ අප ඉදිරියෙන් පන්නා දැමූ සේක. එනිසා අපිත්, ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු; මන්ද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේ යැ” යි පැවසූහ.
යෝෂුවා 24:16-18 Sinhala Revised Old Version (SROV)
සෙනඟ උත්තරදෙමින්: අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස ස්වාමීන්වහන්සේ අත්හැරීම අපෙන් දුරුවේවා; මක්නිසාද අප සහ අපේ පියවරුන්ද මිසර දේශය වන වාල්කමේ ගෙදරින් පිටතට ගෙනාවෙත්, අපේ ඇස් ඉදිරියේදී ඒ මහත් හාස්කම් කළෙත්, අප ගිය මුළු මාර්ගයේදීද අප පසුකර ආවාවූ සියලු සෙනඟ අතරේදීද අප ආරක්ෂාකළෙත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය, උන්වහන්සේමය. ස්වාමීන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ද දේශයෙහි විසූ අමෝරිවරුන්ද අප ඉදිරියෙන් එළවාදැමූසේක. එබැවින් අපිත් ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමුව; මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේයයි කීවෝය.
යෝෂුවා 24:16-18 Sinhala New Revised Version (NRSV)
සෙනඟ පිළිතුරු දෙමින්, “අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන පිණිස කවරදාවත් අපි සමිඳාණන් වහන්සේ අත් නොහරින්නෙමු. මන්ද, අප සහ අපේ පියවරුන් මිසර දේශය නමැති වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපේ ඇස් ඉදිරියේ මහත් හාස්කම් කෙළේත්, අපේ මුළු මාර්ගයේ දී ද අප පසු කර ආ මුළු සෙනඟ අතරේ දී ද අප ආරක්ෂා කෙළේත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය. සමිඳාණන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන් ද දේශයේ සිටි අමෝරිවරුන් ද අප ඉදිරියෙන් එළවා දැමූ සේක. එබැවින් අපිත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු. මන්ද, උන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය.
යෝෂුවා 24:16-18 Sinhala New Revised Version 2018 (SNRV)
සෙනඟ පිළිතුරු දෙමින්, “අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන පිණිස කවරදාවත් අපි සමිඳාණන් වහන්සේ අත් නොහරින්නෙමු. මන්ද, අප සහ අපේ පියවරුන් මිසර දේශය නමැති වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපේ ඇස් ඉදිරියේ මහත් හාස්කම් කෙළේත්, අපේ මුළු මාර්ගයේ දී ද අප පසු කර ආ මුළු සෙනඟ අතරේ දී ද අප ආරක්ෂා කෙළේත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය. සමිඳාණන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන් ද දේශයේ සිටි අමෝරිවරුන් ද අප ඉදිරියෙන් එළවා දැමූ සේක. එබැවින් අපිත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු. මන්ද, උන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය.
යෝෂුවා 24:16-18 New International Version (NIV)
Then the people answered, “Far be it from us to forsake the LORD to serve other gods! It was the LORD our God himself who brought us and our parents up out of Egypt, from that land of slavery, and performed those great signs before our eyes. He protected us on our entire journey and among all the nations through which we traveled. And the LORD drove out before us all the nations, including the Amorites, who lived in the land. We too will serve the LORD, because he is our God.”