යෝෂුවා 14:6-9
යෝෂුවා 14:6-9 SCV
ඉන්පසු යූදා ජනයා යෝෂුවා වෙත ගිල්ගාල්ට ආහ. එවිට කෙනිස්සීය යෙෆුන්නෙගේ පුත් කාලෙබ් ඔහු අමතා, “කාදෙෂ්-බර්නේයහි දී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ මෝසෙස්ට ඔබත්, මාත් පිළිබඳව ස්වාමින්වහන්සේ පැවසූ දෑ ඔබ දනී. දේශයේ ඔත්තු බලන පිණිස ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් කාදෙෂ්-බර්නේය සිට මා යැවූ කල, මම හතළිස් වියැති වීමි. මම ඔහු වෙත මගේ හදවතේ වූ වචනය ගෙනාවෙමි. එහෙත් මා සමඟ ගිය මගේ සහෝදරයෝ, ජනතාවගේ හදවත්, දියවී යන්නට සැලැස්වූහ. එසේ වුව ද, මම මගේ මුළු හෘදයෙන් ම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගියෙමි. එබැවින් ඒ දවසේ මෝසෙස් දිවුරා පැවසුවේ, ‘ඔබ, ඔබේ මුළු හෘදයෙන් ම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගිය බැවින්, ඔබ පා පය ගසන ලද දේශය සදහට ම ඔබේ ද ඔබේ දරු පරපුරේ ද උරුමය වනු ඇත’ කියා ය.

