“බිලි කටුවකින් ලෙවියාතන් ගොඩට අදින්නට නුඹට පුළුවන් ද? නැතහොත් කඹයකින් උගේ දිව බැඳ දමන්නට පුළුවන් ද? උගේ නාසය තුළින් ලණු පොටක් දමන්නට, නැතහොත් කොක්කකින් උගේ හක්ක සිදුරු කරන්නට නුඹට පුළුවන් ද? ඌ නුඹෙන් බොහෝ සේ දයාව අයැදී ද? නුඹ සමඟ මෘදු වචන තෙපලාවි ද? දිවි හිමියෙන් නුඹේ දාසයකු සේ බඳවා ගන්නැයි ඌ නුඹ සමඟ ගිවිසුමකට එළැඹේ ද? කුරුල්ලකු සමඟ මෙන් නුඹ ඌ සමඟ සෙල්ලම් කරනවා ද? නුඹේ යුවතියන්ගේ විනෝදයට රැහැනකින් ඌ බැඳ දෙනවා ද? ධීවර වෙළඳුන් ඌ ගැන කේවල් කරාවි ද? ඔවුන් වෙළෙන්දන් අතරේ ඌ බෙදා දේවි ද? උගේ හම පුරා ඇවුළුම් බිලි කොකුවලින් සිදුරු කරන්නට හෝ උගේ හිසට මසුන් කොටන හෙල්ලවලින් අනින්නට හෝ නුඹට පුළුවන් ද? ඔබ උගේ ඇඟට අත තිබ්බොත් කවර නම් සටනක්දැයි ඔබට සිහි වේවි; තවත් ඔබ එසේ නො කරනු ඇත. ඌ පැරදවීමට බලාපොරොත්තුවීම පුස්සකි; යමෙක් ඌ දුටු පමණින් ම දිරිය බිඳෙයි. ඌ අවුස්සන්නට හැකි තරම් රුදුරු කෙනෙක් නැත; එසේ නම් මට එරෙහිව සිටගත හැක්කේ කවරකුට ද? මවිසින් ගෙවිය යුතු යයි මට එරෙහිව අයිතිය පාන්නේ කවුරු ද? අහසින් යට ඇති හැම දේකම අයිතිය මගේ ය.
යෝබ් 41 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝබ් 41:1-11
5 Days
Not every lie sounds untrue. Some just sound right. And some are repeated so often that they virtually become "common knowledge." This is what makes lies about God so dangerous. So we have to ask, what might God's enemy want us to believe to lead us astray? And would we even see it happening?
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ