යෝබ් 4
4
එලීෆස්
1එවිට, තේමානීය එලීෆස් පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය:
2“යමකු ඔබට වචනයක් කියන්න උත්සාහ ගත්තොත්, ඔබට තරහා යාවි ද?
එහෙත් කතා නො කර ඉන්නට හැකි කවරකුට ද?
3බලන්න! ඔබ මොන තරම් දෙනකුට ගුරුහරුකම් දෙමින්,
වැටුනවුන්ට අත දී ඔවුන් ශක්තිමත් කළ අයුරු.
4වැනි වැනී සිටි අය ඔබේ වචනයෙන් නගා සිට වූ හැටි;
දෙදණ සැලුනවුන් ඔබ ශක්තිමත් කළ හැටි.
5එහෙත් විපත් ඔබ වෙත පැමිණි කල දැන්, ඔබ අධෛර්යවත් වෙලා;
දැන් ඔබට පහර වැදෙන විට ඔබ චංචල වෙලා.
6ඔබගේ විශ්වාසය ඔබේ දෙවියන්වහන්සේට භයවීම නො වේ ද?
ඔබේ මාර්ගවල නිර්දෝෂී භාවය ඔබේ බලාපොරොත්තුව නො වේ ද?
7“දැන් කල්පනා කර බලන්න: කවරදා කවුරු නිර්දෝෂ ව සිට විනාශයට පත් වූයේ ද?
කවදා කොහේදී සෘජු ගති ඇත්තන් වනසා දැමුණේ ද?
8මා දැක ඇති පරිදි දුෂ්ටකම සී සා,
විපත්තිය වපුරන්නෝ ඒවා ම කපා ගන්නෝ ය.
9දෙවියන්වහන්සේගේ හුස්මෙන් ඔවුහු විනාශයට පත් වෙති;
උන්වහන්සේගේ කෝපයේ සැඩ පහරින් ඔවුහු වැනසී යති.
10සිංහයාගේ ගර්ජනාව ද රුදුරු සිංහයාගේ නාදය ද බිඳ දැමිණි;
එහෙත් තුරුණු සිංහ දත් කඩා දැමේ.
11ගොදුරු හිඟ වීමෙන් බලවත් සිංහයා මැරී යයි;
එවිට සිංහ දෙනගේ පැටවුන් විසුරුවා හැරේ.
12“කරුණක් මට රහසේ දන්වනු ලැබිණ;
එය මගේ කනට කොඳුරනු මට ඇසිණ.
13මිනිසුන් තද නින්දට වැටෙනා වේලාවේදී,
මා ව්‍යාකූල සිහිනයක් දකිනා අතරේ,
14භීතියත්, වෙවුලීමත් මා වෙළා ගත්තේ ය;
මගේ ඇටකටු සියල්ල ද සලිත විණි.
15ආත්මයක් මා මුහුණ ඉදිරියෙන් ඇදී ගියේ ය;
මගේ ඇඟේ මයිල් කෙළින් විණ.
16ඒ ආත්මය නැවතිණ.
එහෙත් එහි පෙනුම කවරේදැයි මට කිව නො හැක.
රූපාකාරයක් මා ඇස් හමුවෙහි විය;
නිහැඬියාවක් විය! ඒ සමඟ කටහඬක් මට ඇසිණි:
17‘මනුෂ්‍යයකුට දෙවියන්වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨ විය හැකි ද?
මනුෂ්‍යයා ඔහුගේ මැවුම්කරුවාණන් ඉදිරිපිට පවිත්‍ර ද?
18දෙවියන්වහන්සේ තම සේවකයින් ගැන පවා විශ්වාසය නො තබන සේක් නම්,
දේව දූතයින්ගේ වරදට ඔවුන්ට චෝදනා කරන සේක් නම්,
19දූවිල්ලෙහි තම අත්තිවාරම් ඇති,
කාවෙකුටත් වඩා ලෙහෙසියෙන් පොඩිකර දැමිය හැකි,
මේ මැටි ශරීර කූඩුවල වෙසෙන්නවුන් ගැන කියනුම කවරේ ද!
20අරුණ උදයේ සිට සැඳෑ අඳුර දක්වා ඔවුහු කැබලි කරනු ලබති;
කිසිවකුත් නො දැන ඔවුහු සදහට ම වැනසී යති.
21ඔවුන්ගේ ජීවිත කූඩාරම ගලවා දමනු ලැබ,
ප්‍රඥාව නො ලබාම ඔවුහු නැසී යති.’
දැනට තෝරාගෙන ඇත:
යෝබ් 4: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: