යෝබ් 28:20-24
යෝබ් 28:20-24 SCV
එසේ නම් ප්‍රඥාව පැමිණෙන්නේ කොතැනක සිට ද? අවබෝධය තිබෙනා තැන කොතැන ද? ජීවත් වන සියල්ලන්ගේ ඇස්වලින් එය සැඟවී තිබේ; අහස් පක්ෂීන්ට පවා එය පෙනෙන්නේ නැත. අබද්දොන් හෙවත් විනාශය හා මරණය පවසන්නේ, “අපේ කන්වලට ඇසී ඇත්තේ ඒ පිළිබඳ කට කතා පමණක් ය” කියා ය. එහි යන මාර්ගය ගැන වැටහීම ඇත්තේ දෙවියන්වහන්සේට ය; එය ඇති තැන දන්නේත් උන්වහන්සේ පමණ ය. මන්ද උන්වහන්සේ පොළොවේ සීමා-මායිම් දක්වා බලන සේක්; අහසින් යට ඇති සියලු දේ දකින සේක.

