යෝබ් 23:8-12

යෝබ් 23:8-12 SCV

“මෙන්න! මා නැගෙනහිරට ගියොත්, උන්වහන්සේ එහි නැත; මා බටහිරට ගියත්, එහිදීත් උන්වහන්සේ හමු විය හැකි නො වේ. උන්වහන්සේ උතුරෙහි වැඩක යෙදී සිටින කල, මට උන්වහන්සේ දැකිය නො හැක; උන්වහන්සේ දකුණට හැරෙන කල, උන්වහන්සේගේ සේයාවකුදු මට දැකිය නො හැකි ය. එහෙත් මා ගන්නා මාර්ගය උන්වහන්සේ දන්නා සේක; උන්වහන්සේ මා උර ගෑ කල, මම රත්රන් සේ නික්ම එන්නෙමි. මගේ පාද උන්වහන්සේගේ පියවර පසු පස ළඟින් ම ඇදෙයි; මම බැහැරක නො යා, උන්වහන්සේගේ මාර්ගයෙහි ම පැවතුණෙමි. උන්වහන්සේගේ දෙතොලතරින් ආ ආඥාවලින් මම බැහැර ව නො ගියෙමි; මගේ දිනපතා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන මම හදේ නිදන් කොට තබා ගතිමි.

මෙයට අදාළ වීඩියෝ

යෝබ් 23:8-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය