යෝබ් 2:10-13

යෝබ් 2:10-13 SCV

එහෙත් ඔහු ඇයට පිළිතුරු දෙමින්, “අඥාන ස්ත්‍රියක් වගේ කතා කරන්නේ මොකද? අපි දෙවියන්වහන්සේගෙන් හොඳ දේ වගේ ම විපත්තියත් පිළිගත යුතු නො වේ දැ?” යි කීවේ ය. මේ සියල්ල අතරතුරදී යෝබ් වචනයකින් හෝ පව් කළේ නැත. යෝබ්ගේ මිතුරන් වන තේමානීය එලීෆස් ද ෂූහීය බිල්දද් හා නාමාතීය සෝෆර් ද යන තිදෙන යෝබ්ට පැමිණි මුළු ඇබැද්දිය ගැන ඇසූ කල, ඔහුට අනුකම්පා කර, ඔහු අස්වසන්නට ගිවිස, තම නිවෙස්වලින් පිටත් ව එකට එක් ව ඔහු බැහැ දකින්නට ආහ. ඈතදීම ඔහු දුටු ඔවුනට ඔහු හඳුනා ගැනීමට තරම් අපහසු විය. ඔවුහු මහ හඬ නගා හඬන්නටත්, තම හැඳිවත් ඉරාගන්නටත්, තම හිස් මත ධූලි දමාගන්නටත් වන්හ. ඉන්පසු ඔවුහු දහවල් හතක් හා රෑ හතක් ඔහු සමඟ බිම හිඳගෙන, කිසි කතාවක් නැතිව සිටියහ. මන්ද ඔහු විඳවන තරම ඔවුන් දුටු නිසා ය.

යෝබ් 2 කියවන්න