යෝබ් 15
15
එලීෆස් යළිත්
1එවිට, තේමානීය එලීෆස් පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය;
2“ප්‍රඥාවත් කෙනකු හිස් ප්‍රලාපවලින් උත්තර දේ ද?
පෙරදිග සුළඟින් ඔහු තම කුස පුරවා ගනී ද?
3නිෂ්ඵල වචනවලින්,
හරයක් නැති කතාවලින් ඔහු තර්ක කරයි ද?
4එහෙත් ඔබ දේව භක්තිය හෙළා දැක,
දෙවියන්වහන්සේ ඉදිරියේ භාවනා කිරීම නවත්වා ඇත.
5ඔබේ පාපවලට පෙලඹවීම ඔබේ මුඛයෙනි;
ඔබ තෝරා ගෙන ඇත්තේ කපටි දිවකි.
6ඔබ වරදට පත් කරන්නේ ඔබේ ම මුඛයෙනි;
ඔබේ ම තොල් ඔබට එරෙහිව සාක්ෂි දරයි.
7“පළමුවෙන් ම ඉපදුණු මිනිසා ඔබ ද?
නුඹ බිහිවුණේ කඳු හෙල්වලටත් කලින් ද?
8දෙවියන්වහන්සේගේ මන්ත්‍රණ සභා රැස්වීම්වලට ඔබ සවන් දුන්නා ද?
ප්‍රඥාව ඔබට පමණක් සීමා කර ගන්නවා ද?
9අප නො දන්නා කවර දෙයක් ඔබ දන්නේ ද?
අපට නැති කවර වැටහීමක් ඔබට තියෙනවා ද?
10ඔබේ පියාටත් වඩා වැඩිමහල් වූ හිසකේ පැසුණු,
වයස්ගත ඇත්තෝ අප අතර වෙති;
11මුදු වදනින් ඔබ ඇමතූ දෙවියන්වහන්සේගේ සැනසීම
ඔබට ප්‍රමාණවත් නැති ද?
12ඔබේ හදවත මගින් ඔබ ඉවතට ඇදගෙන යන්නේ මන්ද?
ඔබේ ඇස්වලින් ගිනි පිට වන්නේ ඇයි?
13දෙවියන්වහන්සේට එරෙහිව වියරුවෙන් දැවෙමින්,
ඔබේ මුවින් ඔබඳු වචන වගුරුවන්නේ ඇයි?
14“මනුෂ්‍යයා පවිත්‍ර විය හැකි ද?
නැතහොත් ස්ත්‍රියකගෙන් උපන් තැනැත්තා ධර්මිෂ්ඨ විය හැකි ද?
15ඇත්තෙන් ම, දෙවියන්වහන්සේ තම ශුද්ධවතුන් ගැන පවා විශ්වාසය නො තබන සේක් නම්,
ස්වර්ග වුව ද, උන්වහන්සේගේ ඇස් හමුවේ පවිත්‍ර නො වේ නම්,
16වතුර බොන්නාක් මෙන් අපරාධ ගිල දමන,
අධම, දූෂිත මිනිසා ගැන කියනුම කවරේ ද?
17“මට සවන් දෙන්න, මම පැහැදිලි කරන්නම්;
මා ඔබට පවසන්නම් මා දැක ඇති දෑ.
18තම පියවරුන්ගෙන් දැනගෙන,
කිසිවක් නො සඟවා ප්‍රඥාවන්තයින් ප්‍රකාශ කළ දෑ;
19දේශය දෙන ලද්දේ තනිකර ඔවුනට ය.
කිසි විදෙස්සකු ඔවුන් අතර නො වී ය.
20දුෂ්ට මිනිසා තම ජීවිතයේ සියලු දවස්හි කුරිරුනට නියම කර ඇති
අවුරුදු ගණන මුළුල්ලේ වධ-වේදනාවෙන් ඇඹරෙන්නේ ය;
21භයංකර ශබ්ද ඔහුගේ සවනත රැව් දෙයි;
සැප සම්පතින් පසු වන කල, කොල්ලකරුවෝ ඔහුට පහර දෙති.
22අන්ධකාරයෙන් මිදී යෑමේ අපේක්ෂාව ඔහුට නැත;
ඔහු කඩුවට නියම ව සිටී;
23‘කෝ; කොහේ ද තියෙන්නේ’ යි කියමින් අහර සොය සොයා, ඔහු ඉබාගාතෙ ඇවිදියි;
අන්ධකාරයේ දවස් අත ළඟ වග ඔහු දනියි.
24විපත්තිය හා සන්තාපය භීතියෙන් ඔහු පුරවයි;
සටනට බට රජකු සේ ඒවා ඔහු යට කර දමයි.
25මන්ද ඔහු දෙවියන්වහන්සේට එරෙහිව තම අත දිගු කළේ ය;
සර්ව පරාක්‍රමයාණන්ට එරෙහිව ඔහු විරෝධය පෑවේ,
26ඝන ප්‍රබල පලිහක් ගෙන,
තද මුරණ්ඩුවෙන් උන්වහන්සේට එරෙහිව දුවමිනි.
27“ඔහුගේ මුහුණ පුෂ්ටිමත් ව,
තරබාරුව පිටතට නෙරූ උදරයක් ද ඇති ව සිටින නමුදු,
28ඔහු ගරා වැටුණු නගරවල,
කිසිවකුත් පදිංචි නැති ගෙවල,
නටඹුන් ගල් ගොඩවල් බවට පත් වන ගෙවල, වාසය කරනු ඇත;
29ඔහු තවදුරටත් ධනවත් වන්නේ නැත; ඔහුගේ වස්තුව ද පවතින්නේ නැත;
ඔහු සතු දෑ පොළොවේ පැතිර යන්නේ ද නැත.
30ඔහු අන්ධකාරයෙන් මිදී පිටතට එන්නේ නැත;
ඔහුගේ අතු-රිකිලි ගිනි දැල්ලෙන් මැලවී යනු ඇත.
දෙවියන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් ඔහු ඉවත ගෙන යනු ඇත.
31නිෂ්ඵල දෑ ගැන විශ්වාසයෙන් ඔහු තමා ම රවටා නො ගනීවා;
මන්ද එයින් ඔහුට ලැබෙන කිසිවක් නැත.
32ඔහුගේ කාලයට කලින් ඔහුට මුළුමනින් ම ගෙවා දමනු ලැබේ.
ඔහුගේ ඉඳි ගස් අතු සමෘද්ධ නො වන්නේ ය.
33ඔහු නොපැසුණු මිදි පල වැටී යන මිදි වැලක් හා සමාන වෙයි;
මල් හැලීගිය ඔලීව ගසක් හා සමාන වෙයි.
34මන්ද දේව-අභක්තිකයන්ගේ සමාජය නිස්සාර වනු ඇත.
අල්ලසට ප්රියවන්නන්ගේ කූඩාරම් ගින්න විසින් දවාලනු ඇත.
35ඔවුහු විපත්තිය පිළිසිඳ, නපුර බිහි කරති;
ඔවුන්ගේ ගර්භය ද ප්‍රයෝගය හැඩ ගස්වයි.”
දැනට තෝරාගෙන ඇත:
යෝබ් 15: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: