යෝබ් 1
1
පෙරවදන
1යෝබ් නම් වූ මිනිසෙක් ඌස් දේශයේ වාසය කළේ ය. ඔහු නිදොස්, අවංක මිනිසෙක් විය; දෙවියන්වහන්සේට භය පක්ෂපාත වූ ඔහු නපුරෙන් වැළකුණු කෙනෙකි. 2ඔහුට පුතුන් හත් දෙනෙක් ද දූවරුන් තුන් දෙනෙක් ද වූහ. 3තවද බැටළුවන් හත්දහසක් ද ඔටුවන් තුන්දහසක් ද හරක්-බාන් පන්සියයක් ද බූරු දෙනුන් පන්සියයක් ද අයිති ව සිටි ඔහුට දැසි දස්සෝ මහත් ගණනක් ද වූහ; නැගෙනහිර ජනයා අතර ශ්‍රේෂ්ඨතමයා වූයේ ඔහු ය.
4ඔහුගේ පුත්තු තමන්ගේ වාරයට අනුව තම නිවෙස්හි සාදයක් පැවැත්වීමටත්, තමන් සමඟ කෑමට-බීමට තම සහෝදරියන් තුන්දෙනාට ඇරියුම් කිරීමටත් පුරුදු ව සිටියහ. 5ඔවුන්ගේ සාද වටයක් නිම වූ කල යෝබ් ඔවුන් ගෙන්වා, ඔවුන් පවිත්‍ර කරවී ය. අරුණ උදයෙන් ම නැගිටින ඔහු, ඔවුන් එකිනෙකා උදෙසා දවන යාග පූජාවක් කරන්නේ, “ඇතැම් විට මගේ දරුවන් පව් කර, ඔවුන්ගේ සිත්වලින් දෙවියන්වහන්සේට ශාප කළා විය හැකි යැ” යි සිතමිනි. එසේ කිරීම යෝබ්ගේ සිරිතක් විය.
6දෙවියන්වහන්සේගේ පුත්‍රයන්#1:6 දෙවියන්වහන්සේගේ පුත්‍රයන් හෙවත් ස්වර්ගීය දූතයන් ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නට ආ දිනෙක සාතන්#1:6 සාතන් හෙවත් එදිරිකාරයා ද ඔවුන් සමඟ පැමිණියේ ය. 7ස්වාමින්වහන්සේ සාතන් අමතා, “නුඹ කොහේ සිට මෙහි ආවා දැ?” යි ඇසූ සේක.
සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “මම පොළොවේ ඔබ මොබ සැරිසරා, ඒ මේ අත ඇවිද ආවෙමි” යි කීවේ ය.
8එවිට ස්වාමින්වහන්සේ, “මගේ සේවක යෝබ් ගැන නුඹ සිතා බැලුවා ද? ඔහු වැනි කෙනෙක් මුළු පොළෝ තලයේ ම නැත. ඔහු නිදොස්, අවංක කෙනෙකි; දෙවියන්වහන්සේට භය පක්ෂපාත වූ, නපුරෙන් වැළකුණු මිනිසෙකැ” යි සාතන්ට පැවසූ සේක.
9එවිට සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “යෝබ් දෙවියන්වහන්සේට භය පක්ෂපාත වන්නේ හේතුවක් නැතිව ද? 10ඔබවහන්සේ ඔහු වටාත්, ඔහුගේ ගෘහ වාසීන් හා ඔහු සන්තක සියල්ල වටාත් වැටක් බැඳ තිබෙනවා නො වේ ද? ඔහුගේ ගව හා එළු බැටළු රංචු දේශය පුරා පැතිරෙන ලෙසට ඔබවහන්සේ ඔහුට ආශිර්වාද කර ඇත. 11හොඳයි, ඔබේ අත දිගු කර ඔහු සතු හැම දේට පහර දී බලන්න; එවිට නිසැකයෙන් ම ඔහු ඔබේ මුහුණට ම ශාප කරනු ඇතැ” යි පැවසී ය.
12එවිට ස්වාමින්වහන්සේ, “ඔන්න, එහෙනම් ඔහු සතු හැම දෙයක් ම නුඹ අතෙයි; හැබැයි ඒ මිනිසාට නම් අත තියනවා හෙම නො වේ යැ” යි සාතන්ට පැවසූ සේක.
ඉන්පසු සාතන් ස්වාමින්වහන්සේ ඉදිරියෙන් පිටත් ව ගියේ ය.
13යෝබ්ගේ පුතුන් හා දූවරුන් තම වැඩිමල් සහෝදරයාගේ නිවසේ භෝජන සංග්‍රහ විඳිමින්, මිදි යුෂ පානය කරමින් සිටි දිනෙක, 14යෝබ් වෙත පණිවුඩකරුවෙක් පැමිණ, “ගවයින් හාමින් ද බූරුවන් ඒ අසල තණ කමින් ද සිටියදී, 15ෂෙබාවරු කඩා වැදී උන් පැහැරගෙන ගියෝ ය, සේවකයින්ට කඩු පහර දී, මරා දැමුවෝ ය. මේ වග ඔබට කියන්නට ඉතිරි වූයේ මා පමණකැ” යි කීවේ ය.
16ඔහු එසේ කියමින් සිටියදී ම මෙන්න! තවත් පණිවුඩකරුවෙක් එහි පැමිණ, “දෙවියන්වහන්සේගේ ගින්දර අහසින් අවුත්, බැටළුවන් ද සේවකයන් ද පිට පතිත වී, ඇවිළී ඔවුන් දවා දැමුවා. ඔබට කියන්නට බේරී ඉතිරි වුණේ මා පමණි” යි කීවේ ය.
17ඔහු එසේ පවසමින් සිටියදී ම එහි පැමිණි තවත් පණිවුඩකරුවෙක්, “ඔටුවන් පිටට කල්දිවරුන් කණ්ඩායම් තුනක් සැදී, කඩා වැදී, උන් පැහැරගෙන ගියා. සේවකයින් කඩු පහර කා මැරුණා. ඔබට කියන්නට බේරී ඉතිරි වුණේ මා පමණකි” යි කීවේ ය.
18ඔහු එසේ කියමින් සිටියදී ම එහි පැමිණි වෙනත් පණිවුඩකරුවෙක්, “ඔබගේ පුතුන් හා දූවරුන් ඔවුන්ගේ වැඩිමල් සහෝදරයාගේ නිවසේ භෝජන සංග්‍රහ විඳිමින්, මිදි යුෂ පානය කරමින් සිටියා; 19මෙන්න! එකපාරට ම කාන්තාරයේ සිට සැඩ සුළඟක් හමා, ගෙයි හතර පැත්තට ම පහර වැදුණා; එයින් ගෙය දූ පුතුන් මත කඩා වැටී ඔවුන් මැරුණා; ඔබට කියන්නට බේරී ඉතිරි වුණේ මා පමණි” යි කීවේ ය.
20එවිට යෝබ් නැගිට, තම හැඳිවත් ඉරාගෙන, හිස බූ ගා, බිම වැටී වැඳ,
21“හිස් අතින් මම මවු කුසේ සිට ආවෙමි.
හිස් අතින් මම ආපසු යන්නෙමි.
ස්වාමින්වහන්සේ දුන් සේක; ස්වාමින්වහන්සේ ආපසු ගත් සේක;
ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා!” යි පැවසී ය.
22මේ සියල්ලෙහි දී යෝබ් පව් කළේවත්, දෙවියන්වහන්සේ පිට වරද තබා දොස් තැබුවේවත් නැත.
දැනට තෝරාගෙන ඇත:
යෝබ් 1: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: