යොහන් 8:4-6

යොහන් 8:4-6 SCV

උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, මේ ස්ත්‍රිය අල්ලා ගත්තේ, පර පුරුෂ සේවනයේ ගැලෙද්දීමයි. ව්‍යවස්ථාවෙන් මෝසෙස් අපට අණ කර ඇත්තේ, මේ වගේ ස්ත්‍රීන්ට ගල් ගසන්නටයි. මොනවද ඔබ කියන්නේ?” යි ඇසූහ. ඔවුන් එසේ ඇසුවේ උන්වහන්සේට එරෙහි හේතුවක් අල්ලා ගැනීමේ උගුලක් වශයෙනි. යේසුස්වහන්සේ පහතට නැමී, ඇඟිල්ලකින් බිම යමක් ලියූ සේක.