ශු. යොහන් 8:4-6
ශු. යොහන් 8:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, මේ ස්ත්‍රිය අල්ලා ගත්තේ, පර පුරුෂ සේවනයේ ගැලෙද්දීමයි. ව්‍යවස්ථාවෙන් මෝසෙස් අපට අණ කර ඇත්තේ, මේ වගේ ස්ත්රීන්ට ගල් ගසන්නටයි. මොනවද ඔබ කියන්නේ?” යි ඇසූහ. ඔවුන් එසේ ඇසුවේ උන්වහන්සේට එරෙහි හේතුවක් අල්ලා ගැනීමේ උගුලක් වශයෙනි. යේසුස්වහන්සේ පහතට නැමී, ඇඟිල්ලකින් බිම යමක් ලියූ සේක.
ශු. යොහන් 8:4-6 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේට කථාකොට: ආචාරිනි, මේ ස්ත්‍රී කාමමිථ්‍යාචාරය කරද්දීම අල්ලනලද්දීය. මෙබඳු අය ගල්ගසා මරන්ට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණකර තිබේ. නුමුත් ඔබ මෑ ගැන කියන්නේ කුමක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂාකරමින් උන්වහන්සේට වරද තබන්ට කාරණයක් ලබන පිණිසය. නුමුත් යේසුස්වහන්සේ නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක.
ශු. යොහන් 8:4-6 Sinhala New Revised Version (NRSV)
“ගුරුදේවයෙනි, මේ ස්ත්‍රිය කාමමිථ්‍යාචාරයෙහි යෙදී සිටිය දී ම අල්ලාගන්නා ලද්දී ය. මෙබඳු අය ගල් ගසා මරන්නට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණ කර ඇත; එහෙත් මැය ගැන ඔබ කියන්නේ කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. ඔවුන් මෙසේ ඇසුවේ, උන් වහන්සේ පරීක්ෂා කර උන් වහන්සේට වරද තබන්නට කරුණක් සොයාගන්නා අටියෙනි. එහෙත්, උන් වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක.
ශු. යොහන් 8:4-6 Sinhala New Revised Version 2018 (SNRV)
“ගුරුදේවයෙනි, මේ ස්ත්‍රිය කාමමිථ්‍යාචාරයෙහි යෙදී සිටිය දී ම අල්ලාගන්නා ලද්දී ය. මෙබඳු අය ගල් ගසා මරන්නට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණ කර ඇත; එහෙත් මැය ගැන ඔබ කියන්නේ කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. ඔවුන් මෙසේ ඇසුවේ, උන් වහන්සේ පරීක්ෂා කර උන් වහන්සේට වරද තබන්නට කරුණක් සොයාගන්නා අටියෙනි. එහෙත්, උන් වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක.
ශු. යොහන් 8:4-6 New International Version (NIV)
and said to Jesus, “Teacher, this woman was caught in the act of adultery. In the Law Moses commanded us to stone such women. Now what do you say?” They were using this question as a trap, in order to have a basis for accusing him. But Jesus bent down and started to write on the ground with his finger.