යෙරමියා 51
51
1 ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“මෙන්න, මම බබිලෝනියට එරෙහිව,
ලේබ්-කාමයි#51:1 ලේබ්-කාමයි එනම් කල්දියාව වාසීන්ට එරෙහිව, විනාශකයකුගේ ආත්මය පොලඹවන්නෙමි.
2බබිලෝනිය පොළා දමන්නට මම විදේශීය පොළන්නන් එහි යවන්නෙමි.
ඔවුහු ඇය පොළනු ඇත. ඇගේ දේශය හිස් කරනු ඇත.
විපත්ති දවසේ ඔවුන් හැම පැත්තෙන් ම
ඇයට එරෙහි වනු ඇත.
3දුනු-දිය ඇදීමට දුනුවායාට ඉඩ නො දෙන්න.
සන්නාහ සන්නද්ධ වන්නට ඔහුට ඉඩ නො හරින්න.
ඇගේ තරුණයින් ඉතිරි නො කරන්න.
ඇගේ හමුදාව සහමුලින් විනාශයට කැප කරන්න.
4ඔවුහු කල්දිවරුන්ගේ දේශයෙහි මරා දමනු ලදුව,
ඇගේ වීදිවල මරණීය තුවාල ලබති.
5මන්ද ඉශ්රායෙල් හා යූදා ඔවුන්ගේ
දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ විසින් අතැර දමා නැත.
එහෙත් ඔවුන්ගේ දේශය
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේට එරෙහිව අපරාධයෙන් පිරී ගොසිනි.
6“බබිලෝනිය වෙතින් පලා යන්න!
හැම කෙනෙක් ම තම පණ බේරාගත්තා වේ!
ඇගේ පාප නිසා විනාශයට හසු නො වන්න.
මන්ද ස්වාමින්වහන්සේගේ පළිගැනීමේ කාලයයි මේ.
උන්වහන්සේ ඇයට යුතු විපාකය පිරිනමන සේක.
7බබිලෝනිය ස්වාමින්වහන්සේගේ අතේ රන් කුසලානක් ව තිබිණ.
ඈ, මුළු පොළොව ම මත් කරවූවා ය.
ජාතීහු ඇගේ මිදි යුෂ පානය කළහ.
එබැවින් ඔවුහු උමතු වූහ.
8බබිලෝනිය හදිසියේ ම වැටී, බිඳී යනු ඇත.
ඇය ගැන වැලපෙන්න.
ඇගේ වේදනාවට සහනාලේප ගෙනෙන්න.
ඇතැම් විට ඇය සුව කළ හැකි වනු ඇත.
9“ ‘බබිලෝනිය සුව කරන්නට අපි වැර දැරීමු;
එහෙත්, ඇය සුව කළ නො හැකි ය.
ඇය අතහැර, එක් එක්කෙනා, තම තමන්ගේ දේශයට යමු.
ඇගේ දඬුවම ස්වර්ගයට ම ළඟා වී,
අහස උසට ම ඔසවනු ලැබේ.
10“ ‘අපගේ නිදොස්කම ස්වාමින්වහන්සේ පෙන්නුම් කළ සේක.
එමු, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කර ඇති දෑ ගැන
අපි සියොනෙහි ප්‍රකාශ කරමු.’
11“ඊතල පණ පොවන්න!
පලිස් අතට ගන්න!
උන්වහන්සේගේ අරමුණ බබිලෝනිය විනාශ කර දැමීම බැවින්
ස්වාමින්වහන්සේ මේදියාහි රජුන් පෙලඹ වූ සේක.
මන්ද මෙය ස්වාමින්වහන්සේගේ පළිගැනීමයි;
උන්වහන්සේගේ මාලිගය ගැන පළිගැනීමයි.
12බබිලෝනියේ පවුරුවලට එරෙහිව ධජයක් ඔසවන්න.
මුර කිරීම තර කරන්න.
මුරකරුවන් ස්ථානගත කොට,
රහස් වැටලුමකට සූදානම් වන්න.
මන්ද බබිලෝනි වාසීන් සම්බන්ධ ව ස්වාමින්වහන්සේ පැවසූ දෑ
උන්වහන්සේ සැලසුම් කර, ඉටු කරනු ඇත.
13අධික ජල අසල වෙසෙන,
ධනයෙන් පොහොසත් ඇත්තී,
නුඹගේ ප්‍රාණ නූල කපා හරින
නුඹේ අවසානය, පැමිණ ඇත.
14සේනාංකවල ස්වාමින්වහන්සේ, තමන් ගැන ම දිවුරූ සේක්:
පළඟැටි රෑනක් සේ සැබවින් ම මම, මිනිසුන්ගෙන් නුඹ පුරවමි.
ඔවුන් නුඹ පරදා, විජයග්‍රාහී ව ඝෝෂා කරනු ඇත.
15“ස්වකීය බලයෙන් පොළොව නිමැවූයේ උන්වහන්සේ ය.
ස්වකීය ප්‍රඥාවෙන් ලෝකය ස්ථාපන කළේ උන්වහන්සේ ය.
ස්වකීය අවබෝධයෙන් අහස විහිද වූයේ උන්වහන්සේ ය.
16උන්වහන්සේ තම කටහඬ නගන කල,
අහස් ජලය ඝෝෂා නගයි.
පොළොවේ ඈත කොන්වලින් උන්වහන්සේ මී-දුම නැග එන්නට සලසන සේක.
උන්වහන්සේ වැස්ස සමඟ විදුලිය එවා, තම ගබඩාවලින් සුළං පිටතට ගෙනෙන සේක.
17“හැම මිනිසකු ම අනුවණ ය. දැනගැන්මෙන් තොර ය.
හැම රන්කරුවකු ම තමන්ගේ දේව පිළිම මගින් ලජ්ජාවට පත් කෙරේ.
මන්ද ඔහුගේ ප්‍රතිමා රැවටිල්ලකි;
ඒවා තුළ පණනල නැත.
18ඒවා පලක් නැත, සමච්චලයට ලක් වන දේවල් ය.
ඒවායේ විනිශ්චයේ අවස්ථාව පැමිණි කල, ඒවා විනාශ වී යයි.
19යාකොබ්ගේ පංගු කොටස වන තැනැන්වහන්සේ එබඳු නො වේ.
මන්ද උන්වහන්සේ, තම උරුම ගෝත්‍ර වංශයේ ද
සියලු දේහි ද මැවුම්කරුවාණන් ය.
උන්වහන්සේගේ නාමය, සේනාංකවල ස්වාමින්වහන්සේ ය.
20“මගේ මිටියත්,
යුද අවියත් නුඹයි;
නුඹ මගින් මම ජාතීන් කැබලිවලට කඩා දමමි;
නුඹ මගින් මම රාජ්‍යයන් විනාශ කරමි.
21නුඹ මගින් මම අසු හා උගේ අසරුවා කඩා දමමි.
නුඹ මගින් යුද්ධ රථය හා රියදුරා සිඳ දමමි.
22නුඹ මගින් මම පුරුෂයා හා ස්ත්‍රිය කැබලි කර දමමි.
නුඹ මගින් මම මහල්ලා හා බාලයා කැබලි කර දමමි.
නුඹ මගින් මම තරුණයා හා තරුණිය කැබලි කර දමමි.
23නුඹ මගින් මම එඬේරා හා එළු බැටළු රංචුව කැබලි කර දමමි.
නුඹ මගින් මම ගොවියා හා ඔහුගේ රංචුව කැබලි කර දමමි.
නුඹ මගින් මම ආණ්ඩුකාරයින් හා අණ දෙන්නන් කැබලි කර දමමි.
24“මම බබිලෝනියටත්, කල්දියාවේ වෙසෙන සියල්ලන්ටත් ඔවුන් සියොනෙහි දී කරන ලද සියලු වැරදිවලට නුඹලාගේ ඇස් ඉදිරිපිටදී ම ආපිට ගෙවන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
25“මුළු මහත් පොළොව ම විනාශ කරන එම්බා විනාශක කන්ද,
මෙන්න, මම නුඹට විරුද්ධ වෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“නුඹට එරෙහිව මගේ හස්තය දිගු කොට,
මම කඳු-ප්‍රපාතයෙන් නුඹ පෙරළා දමා,
දැවී ගිය කන්දක් බවට නුඹ පත් කරන්නෙමි.
26ඉදිකිරීම්-ප්‍රධාන කොන් ගලක් හෝ
අත්තිවාරම් ගලක් හෝ නුඹ වෙතින් ගනු නො ලැබේ.
සදහට ම නුඹ ජරාවාස ව තිබෙනු ඇතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
27“දේශයෙහි ධජයක් ඔසවන්න!
ජාතීන් අතරෙහි හොරණෑව හඬවන්න!
ඇයට එරෙහිව ජාතීන් සටනට සූදානම් කරන්න.
ඇයට එරෙහිව
අරාරට්, මින්නී හා අෂ්කෙනස් යන රාජ්‍යයන් කැඳවන්න.
ඇයට එරෙහිව සේනාධිපතියෙක් පත් කරන්න.
පළඟැටි රෑනක් සේ අශ්වයින් යවන්න.
28මේදියාවේ රජුන් ද
ඔවුන්ගේ ආණ්ඩුකරුවන් හා සියලු අධිපතීන් ද
ඔවුන්ගේ පාලනයට නතු හැම දේශයක් ද යන වශයෙන්
ඇයට එරෙහිව ජාතීන් සටනට සූදානම් කරන්න.
29බබිලෝනි දේශය, මිනිස් වාසයෙන් තොර ව,
ආලා-පාළුවට හරින පිණිස, බබිලෝනියට එරෙහිව වූ
ස්වාමින්වහන්සේගේ අරමුණ වලංගුව පවතින බැවින්,
දේශය වෙවුලමින් වේදනාවෙන් ඇඹරෙයි.
30බබිලෝනි රණවිරුවන් සටන් නවතා ඇත.
ඔවුහු බළකොටු තුළට වී සිටිති.
ඔවුන්ගේ ශක්තිය සිඳී ගොසිනි.
ඔවුන් ස්ත්‍රීන් බඳු වී ඇත.
ඇගේ වාසස්ථාන ගිනි ලා ඇත.
දොරටුවල අගුල් කඩා දමා ඇත.
31දූතයකු පසු පස දූතයකු ද
පණිවුඩකරුවකු පසු පස පණිවුඩකරුවකු ද දුව ගියේ,
පුරවරය මුළුමනින් ම හසු වූ වග
බබිලෝනි රජුට සැල කරන්නට ය.
32ගං-තොටවල් අල්ලා ගනු ලැබූ වගත්,
වගුරු බිම් ගිනිලනු ලැබූ වගත්,
හේවායින් ත්‍රස්ත ව ඇති වගත් සැල කරන්නට ය.”
33ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“බබිලෝනි දියණිය,
ගොයම් පාගන කාලයට පාගනු ලබන කමතක් වැන්න.
ළඟ ළඟ ම අස්වනු කාලය, ඇයට ළඟා වෙයි.”
34“බබිලෝනි රජු, නෙබුකද්නෙසර් මා කා දමා ඇත.
මා කළඹ වා, වියවුල් කර,
හිස් කළයක් බවට මා පත් කර ඇත.
ඔහු දැවැන්ත සර්පයකු සේ මා ගිලගෙන,
මගේ රසයෙන් තම උදරය පුරවා ගෙන,
පිටතට මා වමෑරී ය.
35මට හා මගේ නෑසියනට කරන ලද සැහැසිකම්,
බබිලෝනිය පිටට ම හැරී ඒවා” යි සියොන් වැසියා පවසත්වා.
“මගේ ලේ, කල්දියාවේ වෙසෙන්නන් පිට වේවා” යි
යෙරුසලම පවසත්වා.
36එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ඔන්න ඔබ උදෙසා මම කරුණු කියා පාන්නෙමි.
ඔබ වෙනුවෙන් පළිගන්නෙමි.
මම ඇගේ මුහුද සින්දවා,
ඇගේ දිය උල්පත් වියළවන්නෙමි.
37බබිලෝනිය, සුන්බුන් ගොඩක් කෙරේ.
හිවලුන්ගේ තිප්පොළක් ද
භීතියට හා සමච්චලයට හේතුවක් ද කෙරේ;
කිසිවකුත් එහි වෙසෙනු නැත.
38ඇගේ ජනයා සිංහයින් සේ එක් ව,
සිහනද දී, සිංහ පැටවුන් මෙන් ගොරවති.
39ඔවුන් ඇවිස්සී සිටින කල,
මම ඔවුන්ට සාදයක් පවත්වා,
ඔවුන් බීමත් කරවන්නෙමි.
එසේ ඔවුන් කුල්මත් කර,
කිසි දින අවදි නො වන සදාතන නින්දට පත් කරන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
40“ඝාතනයට ගෙන යන බැටළු පැටවුන් මෙන්,
බැටළුවන් හා එළුවන් මෙන්,
මම ඔවුන් පහත හෙළන්නෙමි.
41“ෂේෂක්#51:41 ෂේෂක් එනම් බබිලෝනිය, අසු වී යන හැටි!
මුළු පොළොවේ පාරට්ටුව අල්ලා ගනු ලබන හැටි!
බබිලෝනිය ජාතීන් අතරේ,
කවර නම් භීතියක් වනු ඇද්ද!
42මුහුද බබිලෝනියට නැගී එන්නේ ය.
එහි ඝෝෂාකාරී රළ රැල්ලෙන්, ඇය වැසී යන්නේ ය.
43ඇගේ නගර තැති ගත් තැනක් වේ.
එය ඉඩෝරයේ බිමක්, කාන්තාර දේශයක් වේ.
කිසිවකුත් වාසය නො කරන,
කිසි මිනිසකු ඒ මැදින් ගමන් නො කරන දේශයක් වේ.
44මම බබිලෝනියේ බේල් දෙවියාට දඬුවම් කරන්නෙමි.
ඔහු ගිලගත් දෑ ඔහුට වමාරන්නට සලස්සමි.
තවදුරටත් ජාතීන් ඔහු වෙත ගලාගෙන නො යනු ඇත.
බබිලෝනියේ පවුර, ඇද වැටෙනු ඇත.
45“මගේ ජනයිනි, ඇයගෙන් පිටතට එනු!
පණ බේරාගෙන දුවනු!
ස්වාමින්වහන්සේගේ රුදුරු කෝපය වෙතින් පැන දුවනු!
46දේශයෙහි අසන්නට ලැබෙන දූසමාන ආරංචිවලින්
සිත් අධෛර්ය කර නො ගන්න. භය නො වන්න.
මේ වසරේ එකක් ද එන වසරේ තවෙකක් ද යන වශයෙන්
දේශයේ සැහැසිකම් පිළිබඳ දූසමාන ආරංචි හා
පාලකයකුට එරෙහිව පාලකයකුගේ දූසමාන ආරංචි පැමිණේ.
47එබැවින් මෙන්න, බබිලෝනියේ පිළිමවලට
මා දඬුවම් කරන කාලයක් සැබවින් ම පැමිණේ.
ඇගේ මුළු දේශය ම ලජ්ජාවට පත් කරනු ලැබේ.
ඇගේ මැරුම් කෑවුන් සියල්ලන් ඈ තුළ වැටී, බෑවී තිබෙනු ඇත.
48එවිට අහස ද පොළොව ද ඒවායේ ඇති සියල්ල ද
බබිලෝනිය ගැන ප්‍රීති ඝෝෂා නගනු ඇත.
මන්ද විනාශකයින් උතුරේ සිට අවුත්,
ඇයට පහර දෙනු ඇතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
49“බබිලෝනිය නිසා මුළු මිහි පිට මැරුම් කෑවුන් වැටී ගිය සේ,
ඉශ්රායෙල් මැරුම් කෑවුන් නිසා,
බබිලෝනිය වැටී යා යුතු ය.
50කඩුවෙන් ගැලවුණු ඇත්තනි,
පිටත් ව යනු! සුනංගු නො වනු!
ඈත දේශයක සිට ස්වාමින්වහන්සේ සිහි කරමින්,
යෙරුසලම කල්පනාවට ගන්න.”
51“අප ගැරහුම් ලැබූ බැවින්,
අපි නින්දාවට පත් ව සිටින්නෙමු.
අපේ මුහුණු ලජ්ජාවෙන් වැසී යයි.
මන්ද ස්වාමින්වහන්සේගේ ගෘහයේ ශුද්ධස්ථානයට
විදෙස්සන් ඇතුළු වී ඇත.”
52“එබැවින් මෙන්න, ඇගේ දේව පිළිමවලට
මා දඬුවම් කරන දවස්, ළඟ ළඟ ම එන්නේ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“ඇගේ දේශය මුළුල්ලේ
තුවාලකරුවන් කෙඳිරිගානු ඇත.
53බබිලෝනිය අහස දක්වා ළඟා වී,
තම උදාරම් බළකොටු තරකොට ගත්ත ද,
ඇයට එරෙහිව මම විනාශකයින් යවන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
54“කෑ මොර දීමක්! මොර ගැසීමේ හඬක්! බබිලෝනියෙන් නැගේ.
කල්දිවරුන්ගේ දේශයෙන්
මහා විනාශයක හඬක්.
55 ස්වාමින්වහන්සේ බබිලෝනිය විනාශ කරනු ඇත.
ඇගේ ගාලගෝට්ටිය, උන්වහන්සේ නිහඬ කරනු ඇත.
සතුරු තරංග මහා ජල කඳක් සේ ගිගුරුම් දෙයි.
ඔවුන්ගේ කටහඬෙහි ඝෝෂාව, ප්රතිරාව නගයි.
56බබිලෝනියට එරෙහිව විනාශකයකු පැමිණේ.
ඇගේ රණවිරුවන් අල්ලා ගැනේ.
ඔවුන්ගේ දුනු කඩා දැමේ.
මන්ද ස්වාමින්වහන්සේ කළ දේ ගැන විපාක දෙන දෙවියන්වහන්සේ ය.
උන්වහන්සේ සපුරාම ප්‍රතිවිපාක දෙන සේක.
57මම ඇගේ අධිපතීන් ද ඇගේ ප්‍රඥාවතුන් ද බීමත් කරවන්නෙමි.
ඇගේ ආණ්ඩුකරුවන්, ඇගේ නිලධාරීන් හා ඇගේ රණවිරුවන්ට ද එසේ කරන්නෙමි.
ඔවුන් සදා නිදාගනු ඇත. අවදි නො වනු ඇතැ” යි
සේනාංකවල ස්වාමින්වහන්සේ යන නාමය ඇති රජ්ජුරුවෝ ප්‍රකාශ කරන්නාහ.
58සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“බබිලෝනියේ පුළුල් පවුර බිමට සමතලා කෙරේ.
ඇගේ උස් දොරටු ගිනිලනු ලැබේ.
නිෂ්ඵලකමට ජනයා අධික ව වෙහෙසෙති.
ජාතියේ වෙහෙස, ගින්නට දර උදෙසා පමණි.”
59යූදාහි රජු වූ සෙදෙකියාගේ රාජ සමයේ හතර වන අවුරුද්දේ මාසේයාගේ පුත්, නේරියාගේ පුත්‍රයා වූ නිවාඩු නිකේතන බාර නිලධාරී සෙරායා, රජු සමඟ බබිලෝනියට යන විට, දිවැසිවර යෙරමියා ඔහුට අණ කළ පණිවුඩයයි මේ. 60බබිලෝනිය පිට පැමිණෙන සියලු විපත්ති ගැන, බබිලෝනිය සම්බන්ධ ව සඳහන් සියලු දෑ ගැන යෙරමියා තනි පත් ඉරු පොතක ලීවේ ය. 61යෙරමියා සෙරායාට කතා කොට, “ඔබ බබිලෝනියට ළඟා වූ විගස, මේ සියලු වචන හඬ නගා කියවන්නට වග බලා ගන්න. 62තවද මෙසේ කියන්න: ‘අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මේ ස්ථානය ගැන කතා කරමින්, මිනිසුන් හෝ සතුන් හෝ මෙහි නො වෙසෙන ලෙස, මේ ස්ථානය විනාශ කරන බව, මෙය සදහට ම ජරාවාසයක් වන බව කියා ඇත.’ 63ඔබ මේ පත් ඉරු පොත කියවා නිම වූ පසු, ඊට ගලක් ගැට ගසා යුප්‍රටීස්#51:63 යුප්‍රටීස් එනම් පෙරාත් ගඟ මැදට වීසි කර, 64‘බබිලෝනිය පිට මා ගෙනෙන විපත්තිය නිසා යළි නො නැගිටින ලෙස, ඇය මෙසේ ගිල්වනු ලැබේ. ඇගේ ජනයා වැටී යනු ඇතැ’ යි කියන්න.”
යෙරමියාගේ වචන මෙතෙකින් නිම වේ.
දැනට තෝරාගෙන ඇත:
යෙරමියා 51: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: