යෙරමියා 50
50
බබිලෝනියට එරෙහිව
1බබිලෝනිය පිළිබඳව, කල්දිවරුන්ගේ දේශය පිළිබඳව දිවැසිවර යෙරමියා මගින් ස්වාමින්වහන්සේ කතා කළ වචනය:
2“ජාතීන් අතරෙහි නිවේදන කර, ප්‍රකාශ කරන්න;
ධජයක් ඉහළට ඔසවා, එය ප්‍රකාශ කරන්න.
සඟවන්නේ නැතිව මෙසේ කියන්න:
‘බබිලෝනිය අල්ලා ගනු ලැබේ;
බේල් දෙවි ලජ්ජාවට පත් කෙරේ;
මෙරොදක් දෙවි භීතියෙන් පිරේ.
බබිලෝනියේ පිළිම ලජ්ජාවට පත් කෙරේ;
ඇගේ රූප භීතියෙන් පිරේ.’
3උතුරු දෙසින් වූ ජාතියක්, ඇයට එරෙහිව අවුත්,
ඇගේ දේශය ආලාපාළු කර දමනු ඇත.
කිසිවකුත් එහි වාසය කරන්නේ නැත.
මිනිසුන් ද සතුන් ද යන දෙගොල්ල ම ඉවත පලා යනු ඇත.
4“එදවස්හි, එකල්හි
ඉශ්‍රායෙල් ජනයා හා යූදා ජනයා එක් ව,
කඳුළින් යුක්ත ව එනු ඇත.
තවද ඔවුන් තමන්ගේ දෙවියන්වහන්සේ වන
ස්වාමින්වහන්සේ සොයනු ඇතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
5ඔවුන් සියොන වෙත යන මාර්ගය අසා,
එදෙසට තම මුහුණු යොමු කර,
එන්න, කිසි දින අමතක නො වන
සදාතනික ගිවිසුමකින් අපි එක් ව
ස්වාමින්වහන්සේට බැඳෙමුයි කියනු ඇත.
6“මගේ ජනයා නැති වූ බැටළුවන් බවට පත් ව ඇත.
ඔවුන්ගේ එඬේරුන් ඔවුන් නොමග යවා,
කඳුවල ඉබාගාතෙ යන්නට සලසා ඇත.
කඳුවල ද හෙල්වල ද මංමුළා වී ගිය ඔවුනට
තමන්ගේ ම වූ ලැගුම් පොළ අමතක ව ගොසිනි.
7ඔවුන් මුණ ගැසුණු සැවොම, ඔවුන් කා දැමූහ.
ඔවුන්ගේ සතුරෝ කතා කොට,
‘ඔවුන් තමන්ගේ පියවරුන්ගේ බලාපොරොත්තුව වූ ස්වාමින්වහන්සේට,
ඔවුන්ගේ ධර්මිෂ්ඨකමේ වාස භූමිය වූ ස්වාමින්වහන්සේට
එරෙහිව පව් කර ඇති බැවින් අප අත වරදක් නැතැ’ යි කීහ.
8“බබිලෝනිය අතරින් පිටතට පලා යන්න;
කල්දිවරුන්ගේ දේශය අතහැර යන්න.
රංචුවේ පෙරමුණ ගන්නා එළු වස්සන් මෙන් වන්න.
9මන්ද බලනු! මම උතුරු දේශයේ ශ්‍රේෂ්ඨ ජාතීන් සමූහයක් පොලඹවා,
බබිලෝනියට එරෙහිව ඔවුන් ගෙනෙන්නෙමි.
ඔවුන් ඇයට එරෙහිව සටනට පෙළ ගැසෙනු ඇත.
එහි සිට ඇය අල්ලා ගැනේ.
ඔවුන්ගේ හී ගස්, හිස් අතින් ආපසු හැරී නො එන
පලපුරුදු රණවිරුවන් සේ වනු ඇත.
10කල්දියාව කොල්ලකනු ලැබේ.
එසේ කොල්ල කෑ සියල්ලන්ට ම තෘප්තියට පත් වන තරමට ලැබේ යැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
11“මගේ උරුමය පැහැර ගත් නුඹ,
ප්‍රීති ප්‍රමෝද වෙතත්, සොම්නස් වෙතත්,
ගොයම් මඩින එළ වැස්සියක සේ එතැන මෙතැන පැන්නත්,
තුරුණු අශ්වයන් සේ හේෂාරව කරතත්,
12නුඹේ මව අධික ලජ්ජාවට පත් කරනු ලබන්නී,
නුඹ බිහි කළ ඇත්තී නින්දාවට පත් වන්නී ය.
ඔන්න! ඈ ජාතීන් අතර අවසානය බවට,
පාළුකරයක්, වේළී කරවූ භූමියක්, කාන්තාරයක් බවට පත් වේ.
13 ස්වාමින්වහන්සේගේ කෝපය නිසා ඇය ජනාවාස නො වනු ඇත.
මුළුමනින් ම ජනශූන්‍ය ව පවතිනු ඇත.
බබිලෝනිය පසු කර යන සැවොම,
ඊට සිදු වී ඇති සියලු තුවාල දැක,
විස්මපත් වී, ඊට කවටකම් කරනු ඇත.
14“දුනු-දිය අදින සියල්ලෙනි,
බබිලෝනිය වටා සටනට පෙළ ගැසී,
ඇයට විදින්න. එක හීයකුදු ඉතිරි කර නො ගන්න.
මන්ද ඈ ස්වාමින්වහන්සේට එරෙහිව පව් කළා ය.
15ඇයට එරෙහිව හැම පැත්තෙන් ම ඝෝෂා කරන්න.
ඈ යටත් වන්නී ය. ඇගේ බළකොටු බිඳ වැටේ.
ඇගේ පවුරු බිඳ දමනු ලැබේ.
මෙය ස්වාමින්වහන්සේගේ පළි ගැනීම බැවින්,
ඇගෙන් පළිය ගන්න.
ඈ අන් අයට කළ පරිදි, ඇයටත් කරන්න.
16බබිලෝනියෙන් වපුරන්නා ද
අස්වැන්නේදී තම දෑකැත්ත දරන ගොයම් කපන්නා ද සිඳ දමනු.
පීඩකයාගේ අසිපත නිසා,
හැම කෙනෙක් ම තම තමන්ගේ ජනයා වෙත හැරී යත්වා.
හැම කෙනෙක් ම තම තමන්ගේ දේශයට පලා යත්වා.
17“සිංහයින් විසින් දඬුවම් කරන ලදුව,
ඉවත පලවා හරිනු ලැබූ
එළු බැටළු රංචුවකි ඉශ්‍රායෙල්.
පළමු කොට අසිරියාවේ රජු ඔහු කා දැමී ය.
අන්තිමට ඔහුගේ ඇටකටු පොඩිකර දැමුවේ,
බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් ය.”
18එබැවින්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“අසිරියාවේ රජුට මා දඬුවම් කළ සේ ම,
බබිලෝනි රජුටත්, ඔහුගේ දේශයටත් මම දඬුවම් කරමි.
19මම ඉශ්‍රායෙල්, ඔහුගේ තණ බිමට ආපසු ගෙනෙන්නෙමි.
මම ඔහුගේ තණ බිම නැවත පිහිටුවමි.
ඔහු කර්මෙල්හි ද බාෂාන්හි ද අහර බුදිනු ඇත.
ඔහුගේ අභිරුචිය එප්‍රායිම් හා ගිලියාද් හෙල්වලදී සෑහීමට පත් වේ.
20එදවස්හි, එකල්හි ඉශ්‍රායෙල්ගේ වැරදි සෙවිල්ලක් දියත් කෙරේ.
එහෙත් එකකුදු හමු නො වේ.
යූදාගේ පාප ද සොයනු ලැබේ.
එහෙත් එකකුදු හමු නො වේ.
මන්ද මා ඉතිරි කර ගන්නා ඉතිරි ස්වල්ප දෙනාට මම කමා වන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
21“මෙරාතයිම් දේශයට එරෙහි වන්න;
පෙකෝද්හි වාසීන්ට ද එරෙහි වන්න.
ඔවුන් ලුහුබැඳ, මරා, විනාශයට කැප කරන්නැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“මා ඔබට අණ කළ හැම දෙයක් ම කරන්න.
22යුද්ධයේ ඝෝෂාවත්,
මහ විනාශයේ ඝෝෂාවත් දේශය තුළ ය.
23සමස්ත පොළොවෙහි කුළු ගෙඩිය කඩා,
සිඳ-බිඳ ලා ඇති සැටි!
ජාතීන් අතරෙහි
බබිලෝනිය භීතියක් වූ හැටි!
24එම්බා බබිලෝනිය, මම නුඹට උගුලක් ඇටවීමි.
නුඹ එය දැන ගන්නටත් කලින් නුඹ ඊට හසුවිණි.
නුඹ ස්වාමින්වහන්සේට ප්‍රතිවාදී වූ නිසා,
නුඹ හසු වී, අල්ලා ගනු ලැබිණ.
25 ස්වාමින්වහන්සේ තම යුද-අවි ගබඩාව ඇර,
උදහසේ තම අවි පිටතට ගෙනා සේක.
මන්ද සේනාංකවල පරමාධිපති ස්වාමින්වහන්සේට
කරන්නට කාරියක්, කල්දිවරුන්ගේ දේශයෙහි ඇත.
26ඇයට එරෙහිව හැම දිසාවකින් ම පැමිණෙන්න.
ඇගේ ධාන්‍යාගාර විවර කරන්න.
ධාන්‍ය ගොඩවල් සේ ඇය ගොඩ ගසන්න.
කිසිවකුත් ඇයට ඉතිරි නො කර
සහමුලින් ම ඇය විනාශයට කැප කරන්න.
27ඇගේ සියලු ගොන් වස්සන් මරා දමන්න.
ඔවුන් ඝාතනයට ලක් වේවා.
ඔවුන්ට වන විපතක මහත! මන්ද ඔවුන්ගේ දවස එළැඹ ඇත;
දඬුවම් ලබන්නට ඔවුන්ගේ කාලය එළැඹ තිබේ.
28කටහඬක්! අපේ දෙවියන්වහන්සේ වන
ස්වාමින්වහන්සේගේ පළි ගැනීම,
උන්වහන්සේගේ දේව මාලිගය උදෙසා පළි ගැනීම ගැන සියොනෙහි දී ප්‍රකාශ කරන්නට
ඔවුහු බබිලෝනි දේශයේ සිට පලා යති. බේරී පලා යති.
29“දුනු-දිය අදින සියල්ලන් වන දුනුවායින්
බබිලෝනියට එරෙහිව කැඳවන්න.
ඈ වට කොට කඳවුරු බඳින්න.
කිසිවකුටත් පලා යන්නට නො දෙන්න.
ඇගේ ක්‍රියාවනට ඇයට ප්‍රතිවිපාක දෙන්න.
ඈ කළ පරිදි ඇයට කරන්න.
මන්ද ඈ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ වන
ස්වාමින්වහන්සේට එරෙහිව අහංකාරයෙන් දූෂ්‍ය වූවා ය.
30එබැවින් ඇගේ තරුණයෝ, වීදිවල වැටී යති;
ඇගේ සියලු හේවායින් ඒ දවසේ නිහඬ කරනු ලබතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
31“එම්බා මාන්නක්කරු ව, මෙන්න, මම නුඹට විරුද්ධ යැ” යි
සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
මන්ද මම නුඹට දඬුවම් කරන කාලය වන
නුඹේ දවස පැමිණ ඇති බැවිනි.
32මාන්නක්කරු පැකිළී, වැටෙනු ඇත.
කිසිවකු ඔහු නැගිටුවන්නේ නැත.
ඔහුගේ නගර තුළ මම ගින්නක් අවුළු වන්නෙමි.
ඔහු වටා සිටින සියල්ලන් එයින් දැවී යනු ඇත.
33“සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ඉශ්‍රායෙල් ජනයා පීඩාවට පත් කරනු ලැබ,
යූදා ජනයා ඒ සමඟ වූහ.
වහල්කමෙහි ඔවුන් යෙදවූ සියල්ලෝ
ඔවුනට යෑමට ඉඩ දීම ප්‍රතික්ෂේප කරමින්, තරකොට ඔවුන් අල්ලා තබා ගත්හ.
34එහෙත් ඔවුන්ගේ මිදුම්කරුවාණන් බලවත් ය.
සේනාංකවල ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි.
උන්වහන්සේ ඉතා උනන්දුවෙන් ඔවුන් උදෙසා කරුණු කියාපාන සේක.
එසේ කරන්නේ, ඔවුන්ගේ දේශයට සැනසිල්ලත්,
බබිලෝනියෙහි වෙසෙන්නන්ට කැලඹිල්ලත් ගෙනෙනු පිණිස ය.
35“කල්දිවරුන්ට එරෙහිව කඩුපතක් වෙතැ!” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“බබිලෝනියෙහි වෙසෙන්නන්ට එරෙහිව ද
එහි නිලධාරීන්ට හා ප්‍රඥාවන්තයින්ට එරෙහිව ද වේ!
36එහි බොරු දිවැසිවරුන්ට එරෙහිව කඩු පතෙකි.
ඒ ඔවුන් අනුවණයින් වන පිණිස ය.
එහි රණකාමීන්ට එරෙහිව කඩු පතෙකි.
ඒ ඔවුන් විනාශ වනු පිණිස ය.
37ඔවුන්ගේ අශ්වයින්ට හා ඔවුන්ගේ අශ්ව රථවලට ද
හේවාකම් කරන එහි සියලු විදෙස්සන්ට ද එරෙහි කඩු පතෙකි.
ඒ, ඔවුන් ස්ත්‍රීන් මෙන් වනු පිණිස ය.
එහි වස්තු සම්පත්වලට එරෙහිව කඩු පතෙකි.
ඒවා කොල්ලකනු ලබන පිණිස ය.
38එහි ජලයට එරෙහිව නියඟයකි#50:38 හෙබ්‍රෙව් බසින් නියඟයකි සහ කඩු පතෙකි යන වචන දෙක ශබ්දයෙන් එක සමාන ය..
ඒ, ඒවා සිඳී යන පිණිස ය.
මන්ද එය පිළිම රූපවල දේශයකි.
ඒ, ඔවුන් පිළිම ගැන උමතුවක් ඇත්තන් වන බැවිනි.
39“එබැවින් කාන්තාර සතුන් හා වෘකයින් ද
උකුසු බකමූණන් ද ඇය තුළ පදිංචි වනු ඇත.
යළි කිසි දින ඇය ජනාවාස වන්නේවත්,
පරම්පරාවෙන්, පරම්පරාවට මිනිස් වාසයක් ඇති වන්නේවත් නැත.
40සොදොම හා ගොමොරාව ඊට යාබද නගර සමඟින්
දෙවියන්වහන්සේ හෙළා දමනු ලැබූ සේ,
කිසිවකු එහි වාසය කරනු නැත.
කිසි මිනිසකු එහි පදිංචි වන්නේ ද නැතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
41“අන්න! උතුරේ සිට එන ජනකායක්;
බලවත් ජාතියක් ද බොහෝ රජවරු ද
පොළොවේ දුර ඈත පෙදෙස් වෙතින් පොලඹවනු ලබති.
42ඔවුහු දුනු හා හෙල්ල දරති.
ඔවුහු කෲර ය, දයා විරහිත ය.
ඔවුන් අශ්වයින් පදවාගෙන එද්දී ඔවුන්ගේ නාදය,
මහ මුහුදේ ඝෝෂාව වැන්න.
එම්බා බබිලෝනි දියණිය, යුද්ධයට පෙළ ගැසුණු
මිනිසුන් මෙන් ඔවුහු නුඹට පහර දීමට එති.
43බබිලෝනි රජුට ඔවුන් ගැන තොරතුරු අසන්නට ලැබිණ.
ඔහුගේ අත් එල්ලා වැටිණ.
සිත් සන්තාපයේ ග්‍රහණයට ඔහු හසු විය.
ඔහුගේ වේදනාව ප්‍රසූතියේදී කාන්තාවකගේ වේදනාව වැන්න.
44අන්න! යොර්දාන් වන ලැහැබින් නික්ම,
සරු තණ බිමකට පැමිණෙන සිංහයකු සේ,
මම එක් ඇසිල්ලකින් ඔවුන්#50:44 ඔවුන් එනම් කල්දිවරුන් තම දේශයෙන් පලා යන්නට සලස්වමි.
ඒ සඳහා මා තෝරා ගන්නා කවරකු වුව මම පත් කරමි.
මා හා සමාන කවුරු ද? මට අභියෝග කළ හැක්කේ කවරකුට ද?
මට එරෙහිව නැගිට සිටිය හැකි එඬේරා කවරෙක් ද?”
45එබැවින් බබිලෝනියට එරෙහිව ස්වාමින්වහන්සේ කවරක් සැලසුම් කළ සේක් දැයි මේ අහන්න.
කල්දිවරුන්ගේ දේශයට එරෙහිව උන්වහන්සේ කවරක් අදහස් කළ සේක් දැයි මේ අහන්න.
රංචුවේ පැටවුන් ඉවත ඇදගෙන යනු ලැබේ.
ඔහු ඔවුන්ගේ තණ බිම් ඔවුන් නිසා සහමුලින් ම වනසා දමනු ඇත.
46බබිලෝනිය අල්ලා ගන්නාගේ ශබ්දයට පොළොව සලිත වේ.
ඔවුන්ගේ කෑ මොර නාදය ජාතීන් අතරෙහි දෝංකාර දෙයි.
දැනට තෝරාගෙන ඇත:
යෙරමියා 50: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: