යෙරමියා 45

45
බාරුක්ට පණිවුඩය
1යොෂීයාගේ පුත් යූදාහි රජු වූ යෙහෝයාකීම්ගේ හතර වන අවුරුද්දේ යෙරමියා ප්‍රකාශ කළ වචන, නේරියාගේ පුත් බාරුක් විසින් පත් ඉරු පොතක ලියනු ලැබූ, දිවැසිවර යෙරමියා, ඔහුට පැවසූ වචනයයි මේ. 2“එම්බා බාරුක්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට මෙසේ කියන සේක: 3ඔබ මෙසේ කියා ඇත. එනම් ‘අහෝ මට වන විපතක මහත! ස්වාමින්වහන්සේ මගේ වේදනාවට ශෝකය එකතු කර ඇත. කෙඳිරි ගෑමෙන් මම වැහැරී සිටිමි. මට සහනයක් නැත.’ 4ස්වාමින්වහන්සේ යළි කතා කරමින්, ඔහුට මෙසේ කියන්න: ‘මෙන්න, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: දේශය මුළුල්ලේ මා විසින් ගොඩ නැගූ දෑ මම බිඳ හෙළන්නෙමි. මා විසින් පැළ කරන ලද දෑ මුලිනුදුරා දමන්නෙමි. 5ඔබ, ඔබට ම මහත් දේවල් සෙවීම යුතු ද? ඔන්න, ඒවා නො සොයන්න. මන්ද මුළු ජනතාව පිට මම විපත්තිය ගෙනෙන්නෙමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. එහෙත් ඔබ යන කොතැනදී වුව, ඔබේ පණ ගලවා බේරී යන්නට මම මං සලස්වමි” යි පැවසූ සේක.

දැනට තෝරාගෙන ඇත:

යෙරමියා 45: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න