ඉන්පසු ස්වාමින්වහන්සේ මට මෙසේ පැවසූ සේක: “මෝසෙස් හා සාමුවෙල් මා ඉදිරියේ සිටගත්තත්, මගේ හදවත මේ ජනයා වෙත හැරෙන්නේ නැත. මගේ ඇස් හමුවෙන් ඔවුන් පිට මං කරනු! ඔවුනට යන්නට හරිනු! ‘අප කොහේ යන්න දැ?’ යි ඔවුන් ඔබගෙන් ඇසුවොත්, ඔවුන්ට මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ ‘වසංගතයට නියම වූවන් වසංගතයට ය. කඩුවට නියම වූවන් කඩුවට ය. සාගතයට නියම වූවන් සාගතයට ය. වහල්කමට නියම වූවන් වහල්කමට ය.’ “විනාශකයින් වර්ග හතරක් මම ඔවුන්ට එරෙහිව එවන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “එනම් මරා දමන්නට කඩුව ද ඉවත ඇද දමන්නට බල්ලන් ද කා දමන්නට හා විනාශ කරන්නට අහස් පක්ෂීන් හා පොළෝ මෘගයින් ද එවන්නෙමි. මිහි පිට සියලු රාජධානිවලට ඔවුන් සංත්රාසයක් වන්නට මම සලස්වමි. එසේ කරන්නේ යූදාහි රජු වූ හෙසකියාගේ පුත් මනස්සේ යෙරුසලමෙහි දී කළ දෑ නිසා ය. “එම්බා යෙරුසලම නුඹට අනුකම්පා කරන්නේ කවුරු ද? නුඹ උදෙසා වැලපෙන්නේ කවුරු ද? නුඹේ සුබ සෙත විමසන්නට නුඹ ළඟ නතර වන්නේ කවුරු ද? නුඹ මා ප්‍රතික්ෂේප කළා” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “නුඹ ආපස්සට යමින් සිටී. එබැවින් මම නුඹට එරෙහිව නුඹ පිට අත් හෙළා, නුඹ විනාශ කර දමන්නෙමි. අනුකම්පා කිරීමෙන්, මම වෙහෙසට පත් ව සිටිමි. දේශයේ නගර දොරටුවලදී මම ඔවුන් කුල්ලකින් පොළන්නෙමි. මම ඔවුන්ගෙන් වියෝ වූවෙමි. ඔවුන් විනාශයට පැමිණ වීමි. මන්ද ඔවුන් තමන්ගේ මාර්ගවලින් ඉවත හැරුනේ නැත. මුහුදු වැලිවලටත් වඩා ඔවුන්ගේ වැන්දඹුවන් ගණනින් වැඩි වන්නට මම සැලසීමි. ඔවුන්ගේ තරුණයින්ගේ මවුවරුන්ට එරෙහිව මද්දහනේදී මම විනාශකයකු එවීමි. හදිසියේ ම මම ඔවුන් පිටට සංතාපය හා සංත්රාසය එවන්නෙමි. හත් දෙනකුට මව වූ තැනැත්තී, බෙලහීන වන්නී, මුර්ඡා වී ඇත. දහවල තිබියදී ම ඇගේ හිරු බැස ගොසිනි. ඈ, නින්දාවටත්, අවමානයටත් පමුණුවනු ලබන්නී ය. ජීවත් ව ඉතිරි ව සිටින්නන් ඔවුන්ගේ සතුරන් අබියසදී, මම කඩුවට ගොදුරු කරන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
යෙරමියා 15 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙරමියා 15:1-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ