නෆ්තලීහි කෙදෙෂ් වෙතින් අබිනොවම්ගේ පුත් බාරාක් කැඳවා යැවූ ඈ, ඔහු අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට මෙසේ අණ කරන සේක: ‘යන්න, නෆ්තලී හා සාබුලොන් ජනයාගෙන් දස දහසක් කැඳවාගෙන, තාබෝර් කන්දට යන්න. යාබීන්ගේ හමුදාවේ ආඥාපති වන සීසෙරා සමඟ ඔහුගේ යුද්ධ රථත්, ඔහුගේ හේවායිනුත් කීෂොන් ගඟ ළඟට මම ඔබ වෙත පමුණු වන්නෙමි. මම ඔබගේ අත්වලට ඔහු හසුකර දෙන්නෙමි’ කියන සේකැ” යි කීවා ය. බාරාක් ඇයට පිළිතුරු දෙමින්, “ඔබ, මා සමඟ යනවා නම් මම යන්නෙමි. එහෙත් ඔබ මා සමඟ යන්නේ නැති නම් මාත් යන්නේ නැතැ” යි කී ය. ඈ කතා කරමින්, “සත්තකින් ම මම ඔබ සමඟ යන්නෙමි. එහෙත් ඔබ ගමනේ යන මේ මාර්ගය දිවෙන්නේ ඔබේ ගෞරවය දෙසට නො වේ. මන්ද ස්වාමින්වහන්සේ ස්ත්‍රියකට සීසෙරා පාවා දෙනු ඇතැ” යි කීවා ය. ඉන්පසු දෙබොරා නැගිට, බාරාක් සමඟ කෙදෙෂ් බලා ගියා ය.
විනිසුරුවෝ 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: විනිසුරුවෝ 4:6-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ