විනිසුරුවෝ 4:17-21

විනිසුරුවෝ 4:17-21 SCV

කෙසේ හෝ සීසෙරා, කේනීය හෙබෙර්ගේ බිරිඳ වූ යායෙල්ගේ කූඩාරමට පයින් ම පලා ආවේ ය. මන්ද, හාසොර්හි රජු වූ යාබීන් ද කේනීය හෙබෙර්ගේ පෙළපත ද අතරේ සාමය පැවතිණ. යායෙල්, සීසෙරා හමුවට පිටතට ගොස්, “ඇතුළට එනු මැනව මා ස්වාමිනි, මා වෙත එනු මැනව. භය නො වන්නැ” යි කීවා ය. එබැවින් සීසෙරා ඇය වෙත හැරී, කූඩාරම තුළට පිවිසියේ ය. ඈ පලසකින් ඔහු වැසුවා ය. ඔහු ඇය අමතමින්, “මට පිපාසයි; කරුණාකර වතුර ඩිංගක් දෙන්නැ” යි ඉල්ලී ය. ඈ, කිරි බඳුනක් ඇර, එයින් ඔහුට බොන්නට දී, යළි ඔහු ආවරණ කළා ය. ඔහු ඇය අමතමින්, “කූඩාරම් දොරකඩ සිටගන්න. යමකු අවුත්, ‘කවුරු හෝ මෙහි සිටිත් දැ?’ යි ඇසුවහොත් ‘නැත’ කියා කියන්නැ” යි කී ය. එහෙත්, හෙබෙර්ගේ බිරිඳ වූ යායෙල්, කූඩාරම් කූංඤයක් ද මිටියක් ද අතින් ගෙන, හීන් සීරුවේ ඔහු අසලට ගියා ය. දැඩි වෙහෙසට පත් ව සිටි ඔහු, තද නින්දට වැටී සිටියේ ය. ඈ, කූංඤය ඔහුගේ නළල් කෙළවර පසාරු කර ගෙන, පොළොවට වැදී යන සේ ගැසුවා ය. ඔහු මළේ ය.

විනිසුරුවෝ 4:17-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය