විනිසුරුවෝ 3:5-8

විනිසුරුවෝ 3:5-8 SCV

ඉශ්‍රායෙල් පුත්‍රයෝ කානානිවරුන් ද හිත්තිවරුන් ද අමෝරිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද යෙබූසිවරුන් ද අතරේ වාසය කළහ; ඔවුන්ගේ දූවරුන් තමනට භාර්යාවන් කොට ගත් ඔවුහු තම දූවරුන් ඔවුන්ගේ පුත්‍රයින්ට දුන්හ. තවද ඔවුහු, ඒ ජාතීන්ගේ දෙවිවරුනට මෙහෙ කළහ. ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කළෝ ය. ඔවුහු තමන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අමතක කර, බාල් දේවතාවුන්ටත්, අෂේරා කණුවලටත් මෙහෙ කරන්නට වන්හ. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය, ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව ඇවිළ, වයඹ දිග මෙසපොතාමියාහි රජු වූ කූෂන්-රිෂාතයිම් අතට උන්වහන්සේ ඔවුන් පාවා දුන් සේක. ඉශ්‍රායෙල්වරු අ‍ට අවුරුද්දක් කූෂන්-රිෂාතයිම්ට මෙහෙ කළහ.

විනිසුරුවෝ 3:5-8 සඳහා වීඩියෝව

විනිසුරුවෝ 3:5-8 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය