විනිසුරුවෝ 2:6-10

විනිසුරුවෝ 2:6-10 SCV

යෝෂුවා, ජනයා යන්නට හැරිය කල, සියලු ඉශ්‍රායෙල්වරු දේශය උරුම කර ගනු පිණිස තම තමන්ගේ උරුම පෙදෙස් කරා ගියහ. යෝෂුවාගේ ජීවිත කාලය පුරාත්, ඉශ්‍රායෙල් ජනයා උදෙසා ස්වාමින්වහන්සේ කළ උදාර ක්‍රියා සියල්ල දැක තිබූ ඔහුට වඩා වැඩි කලක් ජීවත් වූ වැඩිහිටියන්ගේ කාලය පුරාත් ජනයා ස්වාමින්වහන්සේට සේවය කළහ. නූන්ගේ පුත්‍රයා වූ ද ස්වාමින්වහන්සේගේ සේවකයා වූ ද යෝෂුවා එකසිය දහ වන වියේදී මිය ගියේ ය. ඔහුගේ උරුම පෙදෙස වන තිම්නාත්-හෙරෙස්හි දී ඔවුහු, ඔහු භූමදාන කළහ. එය පිහිටියේ ගාෂ් කන්දට උතුරින් එප්‍රායිම් කඳු රටේ ය. ඒ මුළු පරම්පරාව ම මියැදී, ඔවුන්ගේ පියවරුන් අතරට එක් වූ පසු, වෙනත් පරම්පරාවක් ඔවුන්ට පසුව නැගී ආහ. ඔවුහු ස්වාමින්වහන්සේ ගැනවත්, ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ දෑ ගැනවත් නො දත්තෝ ය.

මෙයට අදාළ වීඩියෝ

විනිසුරුවෝ 2:6-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය