විනිශ්චයකාරයන්ගේ පොත 2:6-10
විනිශ්චයකාරයන්ගේ පොත 2:6-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෝෂුවා, ජනයා යන්නට හැරිය කල, සියලු ඉශ්‍රායෙල්වරු දේශය උරුම කර ගනු පිණිස තම තමන්ගේ උරුම පෙදෙස් කරා ගියහ. යෝෂුවාගේ ජීවිත කාලය පුරාත්, ඉශ්‍රායෙල් ජනයා උදෙසා ස්වාමින්වහන්සේ කළ උදාර ක්‍රියා සියල්ල දැක තිබූ ඔහුට වඩා වැඩි කලක් ජීවත් වූ වැඩිහිටියන්ගේ කාලය පුරාත් ජනයා ස්වාමින්වහන්සේට සේවය කළහ. නූන්ගේ පුත්‍රයා වූ ද ස්වාමින්වහන්සේගේ සේවකයා වූ ද යෝෂුවා එකසිය දහ වන වියේදී මිය ගියේ ය. ඔහුගේ උරුම පෙදෙස වන තිම්නාත්-හෙරෙස්හි දී ඔවුහු, ඔහු භූමදාන කළහ. එය පිහිටියේ ගාෂ් කන්දට උතුරින් එප්‍රායිම් කඳු රටේ ය. ඒ මුළු පරම්පරාව ම මියැදී, ඔවුන්ගේ පියවරුන් අතරට එක් වූ පසු, වෙනත් පරම්පරාවක් ඔවුන්ට පසුව නැගී ආහ. ඔවුහු ස්වාමින්වහන්සේ ගැනවත්, ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ දෑ ගැනවත් නො දත්තෝ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 2:6-10 Sinhala Revised Old Version (SROV)
යෝෂුවා සෙනඟ යන්ට හැරිය කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ දේශය හිමිකරගන්න පිණිස තම තමුන්ගේ උරුමවලට ගියෝය. සෙනඟ යෝෂුවාගේ සියලු දවස්වලද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලුම මහත් ක්‍රියා දුටුවාවූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලද ස්වාමීන්වහන්සේට සේවයකළෝය. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එකසිය දස අවුරුද්දක් වයස්ව මළේය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගයෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළෝය. ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතුවුණේය. ඔවුන්ට පසුව ස්වාමීන්වහන්සේවත් ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්‍රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය.
විනිශ්චයකාරයන්ගේ පොත 2:6-10 Sinhala New Revised Version (NRSV)
ජෝෂුවා සෙනඟ පිටත් කර යැවූ කල, ඉශ්රායෙල් සෙනඟ දේශය හිමි කරගනු පිණිස තම තමන්ට නියම උරුම ප්‍රදේශවලට ගියෝ ය. ඉශ්රායෙල් සෙනඟ ජෝෂුවා ජීවත් ව සිටි මුළු කාලය තුළ දී ද, ජෝෂුවාට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ, උන් වහන්සේගේ සකල බලවත් ක්‍රියා දුටු, ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි කාලය තුළ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය. සමිඳාණන් වහන්සේගේ සේවක නූන්ගේ පුත් ජෝෂුවා එකසිය දස අවුරුද්දක් ආයු වළඳා මියගියේ ය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි දී ඔහු තැන්පත් කළෝ ය. ඒ මුළු පරම්පරාව ද මියගොස් ඔවුන්ගේ පියවරුන්ගේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබූ හ. ඔවුන්ට පසු නැඟී ආ පරම්පරාව සමිඳාණන් වහන්සේ වත්, ඉශ්රායෙල් උදෙසා උන් වහන්සේ කළ ක්‍රියා වත් නොදත්තෝ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 2:6-10 Sinhala New Revised Version 2018 (SNRV)

විනිශ්චයකාරයන්ගේ පොත 2:6-10 New International Version (NIV)
After Joshua had dismissed the Israelites, they went to take possession of the land, each to their own inheritance. The people served the LORD throughout the lifetime of Joshua and of the elders who outlived him and who had seen all the great things the LORD had done for Israel. Joshua son of Nun, the servant of the LORD, died at the age of a hundred and ten. And they buried him in the land of his inheritance, at Timnath Heres in the hill country of Ephraim, north of Mount Gaash. After that whole generation had been gathered to their ancestors, another generation grew up who knew neither the LORD nor what he had done for Israel.